SKIP TO MAIN CONTENT

මුදල් වෙනුවෙන් භික්ෂූන් වහන්සේ පිඬු සිඟා වැඩිය යුතු බවට විනය පිටකයේ සඳහනක් නැහැ - අමාත්‍ය සරත් අමුණුගම කියයි (වීඩියෝ)

Sarath Amunugama _ Minister - Sri Lanka
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

දේශපාලන පක්ෂ වෙනුවෙන් මහා සංඝරත්නය  පෙනී සිටීම කණගාටුදායක යැයි විශේෂ කාර්යයන් පිළිබද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටි.

සිල් රෙදි නඩු තීන්දුව වෙනුවෙන් ඇතැම් මහා සංඝරත්නය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව අදහස් ප්‍රකාශ කිරීමට අකමැති වන නමුත් රුපියල් ශත වෙනුවෙන් උන්වහන්සේ පිඩු සිගා වැඩීම අනුමත කළ නොහැකි යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහියන්ට ද විනයක් පවතින බවත් මුදල් වෙනුවෙන් භික්ෂූන් වහන්සේ ක්‍රියාත්මක විය යුතු බවට විනය පිටකයේ සදහන් යැයි තමන් නොදන්නා බව ගලගෙදර ප්‍රථමික විද්‍යාලයේදී ඉකුත්දා පැවැති රැකියා ලබාදීමේ වැඩසටහනකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මහා සංඝරත්නය පිණ්ඩපාතයේ යෙදිය යුතු අවස්ථාවන් පිළිබදව විනය පිටකයේ පැහැදිලිව සදහන්ව යැයි කී අමාත්‍යවරයා, වරදකරුවන්ගේ දඩ මුදල් ගෙවීම සදහා මහා සංඝරත්නය පිඩුසිගා වැඩීම උන්වහන්සේලාට සුදුසු නොවන බව කීවේය.

වරදකරුවන්ට දඩුවම් ලබාදීම වත්මන් රජය සිදුකරන බවත් මේ වන විට පත්කොට ඇති කොමිසම සිදුව ඇති වංචා පිළිබදව විමර්ශන පවත්වන බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

".....මෙම කොමිසමට සිදු කළ හැක්කේ කරුණු සොයා ගැනීම පමණයි. වරදකරුවන්ට දඩුවම් ලබාදීමේ බලය කොමිසමට ලබාදී නැහැ. නමුත් කළ පරීක්ෂණවලදී කරුණ ගණනාවක් මේ වන විට හෙළි දරව්වී තිබෙනවා. එහි වාර්තාව නිකුත්කළ පසු අදාළ අංශ වෙත නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටී ඇති බවට බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළත් එවැනි ආර්ථික කඩා වැටීමක් සිදුව නැහැ. පසුගිය වසරේදී සියයට පහක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල් ගෙවා දැමීම සිදුවෙනවා. රුපියල් දෙදහස් පන්සියයක මුදලකින් පවුලකට මාසයක කාලයක් ජීවත් විය හැකි යැයි ප්‍රකාශ කළ බන්දුල ගුණවර්ධනයන්ගේ ප්‍රකාශයන් අද කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ප්‍රකාශ පිළිබදව සිතමින් කාලය නාස්ති නොකර අප අපගේ ගමන යනවා.

අද පවතින අධ්‍යාපන ක්‍රමය අනුව පාසලින් නික්මෙන දරුවන්ට රැකියා ලැබෙන්නේ නැහැ. අවුරුදු 18දී පාසලෙන් ඉවත්වන තරුණ තරුණියන් අවුරුදු 30 පමණ වන තුරු රැකියා සොයමින් ලතවෙනවා. පාසලේදී පොත පත කටපාඩම් කර විභාග කරා යොමු කරවනවා මිස තරුණ තරුණියන්ට රැකියා සදහා උචිත අධ්‍යාපනයක් පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් නොලැබෙන තත්වයක් පෙනෙන්නට තියෙන්නේ......" යැයි අමාත්‍ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

  • සවන්දෙන්න SBS සිංහල වැඩසටහනට - සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙ.ව 11 සිට, නැතිනම් අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhalese


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now