SKIP TO MAIN CONTENT

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට වත්මන් මැතිවරණ ක‍්‍රමය හා 13 වැනි සංශෝධනය වෙනස් කළ යුතුයි : මහින්ද රාජපක්ෂ.

Sri Lanka Politics
Source: YouTube

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කිරීමට අපේක්ෂා කරනවානම් වත්මන් මැතිවරණ ක‍්‍රමය හා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පැවසුවේය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (06/03) විපක්ෂ නායකයා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් තමන්ට එකඟ විය නොහැකි වුවත් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කිරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තමන්ද එකඟ බව විපක්‍ෂනායකවරයා පැවසුබව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් මැතිවරණ ක‍්‍රමය සමග බැදී පවතින බැවින් ඒවාද සංශෝධනය විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මතය බව ඩලස් අලහප්පෙරුම මහතා එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now