SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව විසඳෙද්දී චන්දිමාල් ICC යට වග උත්තර බඳී.

2nd Test, Sri Lanka tour of West Indies
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (18/05) අවසන් විය.

කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ඔවුන් ලකුණු 253 ක් රැස් කළේය.

එහිදී  නායක දිනේෂ් චන්දිමාල් සිය 11 වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය.

කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස් කරගත්තේ ලකුණු 300 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 342 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක්ද රොෂේන් ද සිල්වා ලකුණු 48 ක්ද නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්ද ලබා ගත්තේය.

ලකුණු 295 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට අවසන් දිනයේදී පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම තරගය අවසාන වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් ලබා ගැනීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මේ අතර දෙවැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා ගොනු කර තිබේ.

කෙසේවෙතත්, එම සියලු චෝදනා චන්දිමාල් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර මේ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගොනු කර තිබෙන චෝදනා සඳහා ශ්‍රී ලංකා නායකයා හට කරුණු පැහැදිලි කිරීමට දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව අවස්ථාව ලබා දී ඇති බව www.espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරයි.

දෙරට අතර තුන්වන හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන ජුනි 23 සිට 27 දක්වා Bridgetown හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now