SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ නවතම මත විමසුම් ප්‍රතිඵල මෙන්න.

Here are the latest Newspoll results about Australian Politics.
The latest Newspoll in the Australian newspaper shows Mr Turnbull's Government has been behind Labor for 28 consecutive polls. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ The Australian පුවත් පත විසින් සිදු කරන නවතම Newspoll මත විමසුමට අනුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ගේ ජනප්‍රියභාවය ක්‍රමයෙන් අඩුවී ඇති බව වාර්තා වේ.

මෙවර අගමැති ටර්න්බුල් හට 37% ක්ද විපක්ෂ නායක බිල් ශෝටන් හට 35% ක්ද කැමැත්ත හිමිව ඇති අතර ඔවුන් දෙදෙනාගේ පරතරය 2% ක් දක්වා තියුණු වී තිබේ.

නමුත් මීට මාසයකට පෙර අගමැති ටර්න්බුල්, විපක්ෂ නායක බිල් ශෝටන් ට වඩා 14% කින් ඉදිරියෙන් සිටියේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නායකයින් දෙදෙනා වන ඔවුන් දෙදෙනා කෙරෙහි ජනතාවගේ තෘප්තිමත් භාවය තව දුරටත් අඩුවී තිබේ.

අගමැති ටර්න්බුල් කෙරෙහි ජනතාවගේ තෘප්තිමත් භාවය 32% දක්වා 2% කින් අඩුවී ඇති අතර විපක්ෂ නායක බිල් ශෝටන් කෙරෙහි ජනතාවගේ තෘප්තිමත් භාවය 33% දක්වා 1% කින් අඩුවී ඇත.

එමෙන්ම, ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳ ජනතා කැමැත්තෙහි කිසිදු වෙනසක් මෙවර  සිදුවී නොමැති අතර කම්කරු පක්ෂයට 53% ක්ද ලිබරල් සන්ධානයට 47% ක්ද කැමැත්ත හිමිව තිබේ.

මේ සියල්ල වාර්තා වන්නේ තම මාධ්‍ය උපදේශිකාව සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීම නිසා හිටපු  නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් ඉල්ලා අස්වීමත් සමගය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now