SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරවෙයි

SL vs Ban 2018
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (04/02) ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර සිය ප්‍රථම ඉනිමේදී සියලුම දෙනා දැවී ලකුණු 513 ක් ලබා ගත්තේය.

එය ඔවුන් ටෙස්ට් තරගයකදී රැස්කළ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

ලකුණු 638 ක් ලබාගනිමින් බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද  ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පිහිට වූවකි.

බංග්ලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 176 ක්ද මුෂ්ෆිකුර් රහීම් ලකුණු 92 ක් ද ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 9 කට ලකුණු 713 ක් ලබා තිබියදී ඉනිම අත්හ්ටුවා බංග්ලාදේශයට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට අවස්ථාව උදා කර දුන්නේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 196 ක් රැස් කරගත් අතර ඔහුගේ ටෙස්ට් දිවියේ ප්‍රථම ද්විත්ව ශතකය ඔහුට ලකුණු 4 කින් අහිමිවී ගියේය.

කුසල් මෙවර වාර්තා කළේ තම සිව්වන ශතකය වේ.

ඊට අමතරව ධනංජය ද සිල්වා ලකුණු 173 ක් ලබා ගත් අතර රොෂේන් සිල්වා ලකුණු 109 ක් ලබා ගත්තේය.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 87 ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

දෙවැනි කඩුල්ල සදහා ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් පැවැත්වූ ලකුණු 308 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් විසින් බංග්ලාදේශයට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පවත්වා ඇති හොඳම සම්බන්ධතා අතර දෙවැන්න ලෙස වාර්තා වේ.

මීට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 311 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් විසින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වූ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙස වාර්තා වේ.

කෙසේවෙතත්, බංග්ලාදේශය 5 වන දිනය අවසාන වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 307 ක් රැස් කරගෙන සිටියේය.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 105 ක්ද  ලිටන් දාස්  ලකුණු 94 ක් ද ලබාගත්තේය.

ටෙස්ට් තරගයකදී ඉනිම දෙකේම ශතක දෙකක් වාර්තා කළ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසද මොමිනුල් හක් වාර්තා වේ.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශයේ මොමිනුල් හක් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now