SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගයේ 2 වන දිනය - ලංකාවේ මුල් පෙළ යළිත් අසමත්.

Sri Lanka tour of West Indies
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ටෙස්ට් තරග මාලාවේ තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (24/06) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 කට ලකුණු 99 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4 ක්ද කසුන් රජිත කඩුලු 3 ක්ද බිඳ හෙළීය.

කොදෙව් පිළේ කඩුලු රකින ක්‍රීඩක Shane Omari Dowrich ලකුණු 71 ක්ද නායක Jason Omar Holder ලකුණු 74 ක්ද ලබා ගත්තේය.

දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට මෙම ටෙස්ට් තරගය තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් තුන්වන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුරංග ලක්මාල් කටයුතු කරයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයක් හේතුවෙන් මෙම තරඟයට සහභාගී නොවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now