SKIP TO MAIN CONTENT

අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට ICC ය වාර්තා කරයි.

Akila Dananjaya reported for suspect bowling action
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා පිලේ පිට දඟ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව දන්වා සිටියි.

මේ අනුව දින 14 ක් ඇතුළත අකිලගේ පන්දු යැවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට ලක් කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

එම පරීක්‍ෂණයේ නිල ප්‍රතිඵල ලැබෙන තුරු අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීමට අකිලට හැකිවන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිලගේ පන්දු යැවීම සැක සහිත බව ICC ය මෙසේ දන්වා තිබේ.

කෙසේනමුත් අකිල ධනංජය පන්දුව දමාගැසීමේ චෝදනාවට පළමු වරට ලක්වන්නේ සිය මංගල අන්තර්ජාතික තරගයෙන් වසර හයකට පසුවීමද විශේෂ සිදුවීමකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now