SKIP TO MAIN CONTENT

2019 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වාර්ෂික සම්මානෝත්සවයේ සම්මාන දිනූවන් මෙන්න.

Australian cricket awards 2019
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් අගයන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (11/02) රාත්‍රියේ මෙල්බර්න් නුවරදී පැවැත්විණි.

ඒ අනුව වසරේ දක්ෂතම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි Allan Border පදක්කම දිනාගැනීමට Pat Cummins සමත් විය.

පසුගිය වසර තුළ ඔහු දැක්වූ දක්ෂතා සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළට ඔහු ලබා දුන් මහගු දායකත්වය මීට ඉවහල් විය.

Pat Cummins පසුගිය වසර තුළ කඩුලු 44 ක් ලබාගැනීමටත් අර්ධ ශතක දෙකක් සමගින් 25.61 ක ලකුණු ලබාගනීමේ සාමාන්‍යයක් වාර්තා කිරීමටත් සමත් වී තිබේ.

මෙහිදී Cummins ඡන්ද 156 ක් දිනාගැනීමට සමත්වූ අතර Nathan Lyon සහ Aaron Finch ඔහුට තියුණු තරගයක් එල්ල කළෝය.

Nathan Lyon හට ඡන්ද 150 ක්ද Aaron Finch හට ඡන්ද 146 ක්ද හිමි විය.

මේ අතර වසරේ දක්ෂතම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි Belinda Clark සම්මානය Alyssa Healy හට හිමිවිය.

2019 සම්මාන දිනුවන්

  • වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා - Nathan Lyon
  • වසරේ හොඳම එක් දින ක්‍රීඩකයා - Marcus Stoinis
  • වසරේ හොඳම එක් දින ක්‍රීඩිකාව - Alyssa Healy
  • වසරේ හොඳම 20-20 ක්‍රීඩකයා - Glenn Maxwell
  • වසරේ හොඳම 20-20 ක්‍රීඩිකාව - Alyssa Healy

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now