SKIP TO MAIN CONTENT

ඝාතනය කළ කශෝජි ගේ මරණය සම්බන්ධව ඇමෙරිකානු ජනාධිපතිගෙන් වාර්තාවක්.

Donald Trump says he'll release a report on the killing of Saudi journalist Jamal Khashoggi ((k'huh-SOD-jee)) on Tuesday
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඝාතනයට ලක්වූ සෞදි ජනමාධ්‍යවේදී ජමාල් කශෝජි ගේ මරණය සම්බන්ධ වාර්තාවක් හෙට දිනයේ තමන් එළිදක්වන බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.

පසුගිය ඔක්තෝබර් 02 වන දින තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමාල් කශෝජිව ඝාතනය කෙරුණි.

කශෝජිව ඝාතනය කිරීමට සෞදියේ ඔටුන්න හිමි කුමරා වන Mohammed bin Salman නියෝග කළ බවට ඇමෙරිකානු බුද්ධි අංශ තම විමර්ශන අවසානයේ පවසා තිබුණි.

කෙසේනමුත් සෞදිය සහ ඇමෙරිකාව සමීපතම මිතුරන් වන බැවින් මෙම ඝාතනය සම්බන්ධව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අවසන් ප්‍රකාශය කිනම් හැඩයක් ගනීදැයි ගැටළුවක් පවතින බව බොහෝ දෙනා මත පළ කරති.

ජමාල් කශෝජි ගේ ඝාතනය සම්බන්ධව තොරතුරු ඇතුළත් සම්පූර්ණ හඬ පටය තුර්කි රජයෙන් තමන් වෙත ලැබුණු නමුත් තමන් එය ශ්‍රවනය කරන්නේ නැති බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump, ඇමෙරිකානු Fox රූපවාහිනී පුවත් වෙත පැවසීය.

මේ අතර සෞදි අරාබියාව සිදුකළ මෙම ඝාතනය ඇමෙරිකානු ජනාධිපතිවරයා හැකි ඉක්මණින් හෙලා දකිනු ඇතැයි ඩෙමොක්ක්‍රටික් කොන්ග්‍රස් සාමාජික Adam Schiff, ඇමෙරිකාවේ A-B-C පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now