SKIP TO MAIN CONTENT

පුරවැසියන් නොවන ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි කරුවන්ටත් ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සදහා ඉල්ලීමක් ..(SBS සිංහල /වාර්තා)

sc
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු රජයේ lectoral matters committee කමිටුව විසින් පුරවැසියන් නොවන ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි කරුවන්ටත් ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම පිලිබදව අවධානය යොමු කොට තිබේ. පුරවැසියන් නොවීම නිසා මිලියන 2.2 ක සංඛ්‍යාවකට චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගිලිහී යයි

ප්‍රංශයේ ඉපදුන නිර්මානකරුවෙකු  වන Sylvain Garcia වසර 8ක් ඕස්ට්‍රේලියාවේ වාසය කර ඇති අතර ඔහු මෙම අයිතිය ලබා දෙන ලෙස එම කමිටුවෙන් ඉල්ලා තිබේ.

ඔහු පවසන්නේ ඔහු කවරදාටත් වඩා ඔස්ට්‍රේලියානුවකු බවට පත්ව ඇති බවයි. වසර 1981දී ඉදිරිපත් කල නීතියක් අනුව එසේ පුරවැසියන් නොවන අයට චන්දය අයිතිය අහිමි කොට තිබේ . 

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩිපුරම (36%) ස්ථිර පදිංචි කරුවන් සිටින අතර වික්ටෝරියා හි එය 34%ක් හා ක්වීන්ස්ලන්තයේ 11%ක් වේ. දැනට ඇති නීතිය අනුව වසර 1984 ජනවාරි 26ට පෙර ලියාපදිංචි වූ පුරවැසියන් නොවන බ්‍රිතාන්‍ය ස්ථිර පදිංචි කරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියි .

Garcia පවසන්නේ ලබන වසරේ ඔහු පුරවැසිභාවය සදහා අයදුම් කොට , රටේ ප්‍රජාවා සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි .

එසේම මෙහිදී පසුගිය මැතිවරණයේ සිදුවූ වැඩි කල් තබා ඡන්දය ප්‍රකාශ කිරීම ගැනද සලකා බලනු ඇති අතර , මැයි මස මැතිවරණයේදී මිලියන 4.7ක් දෙනා කලින් චන්දය ප්‍රකාශ කොට තිබේ.

ව්‍යවස්ථා නීතීන්ග්‍ය George Williams පවසන්නේ මේ නිසා හරි හැටි කරුණු නොදැන රාජ්‍ය නායකයන් පත් කර ගැනීමක් සිදු විය හැකි බවයි.

මෙයට විසදුම ලෙස කල් තබා ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ගණන අඩු කිරීම හා මැතිවරණය දින කිහිපයක් පැවැත්වීම යෝජනා කොට තිබේ

sc
Source: SBS


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now