SKIP TO MAIN CONTENT

ඇලෝසියස් එක්ක දුරකතන සංවාද පවත්වපු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව මේ සතියේ පාර්ලිමේන්තුවට.

Names of the MPs who have had telephone conversations with Arjun Aloysius will be tabled in Parliament this week.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වූ සියලු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසූ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

 

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් ලේඛන අනුව එම නම් හෙළි කරන බවද කතානායකවරයා පැවසීය.

අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වූ මුළු මැති ඇමතිවරුන් සංඛ්‍යාව 118 ක් බව පසුගිය සතියේ අනාවරණය විය.

 

කෙසේවෙතත්, අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමාට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන බවද  කතා නායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now