SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 4ක පරාජයක්

Sri Lanka Vs South Africa 2nd ODI at Dambulla, Sri Lanka
Source: Sri Lanka crikcet

2 min read

Published

By Sanjaya Dissanayake


Skip to article content

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් අත්කරගන්නට දකුණු අප්‍රිකානු  කණ්ඩායම ඊයේ (අගෝස්තු 1දා ) රාත්‍රී සමත් විය.

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර, එහිදී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 244ක් වාර්තා කරන්නට සමත් විය.

පන්දුවට පහර දීමේදී

නිරෝෂන් දික්වැල්ල ලකුණු 69

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 79

පසුව පිළිතුරු ඉනිම ආරම්භ කල දකුණු අප්‍රිකාවට ලකුණු 246ක ඉල්ලකයක් හිමි වූ අතර, පන්දුවාර 42 කුත් පන්දු 05ක් අවසානයේ කඩුලු 6ක් දැවී එම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඔවුන් දෙවන එක් දින තරගයේද ජය සහතික කරගන්නට සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල Quinton de Kock පන්දු 78කදී ලකුණු 87ක් වාර්තා කරන්නට සමත් විය.

මෙම තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Miller පස්වැනි කඩුල්ල ලෙස දවගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් වූ අතර, එය ඔහුගේ 100වන එක් දින ජාත්‍යන්තර කඩුල්ල ලෙසද වාර්තා අතරට එක් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමගින් 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගන්නට ඔවුන් සමත් වී සිටින අතර, තරග 5කින් සමන්විත එක් දින තරගාවලියේ තුන්වැනි එක් දින තරගය අගෝස්තු 08 දා පැවැත්වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now