SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා වූ රාජකීය කොමිසම පිහිටුවීමේ යෝජනාව අද ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට.

Disability royal commission
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Disability royal commission හෙවත් ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සහ ඔවුන්ට සේවා සපයන සේවා ආයතන පිළිබඳ සොයාබැලීම පිණිස රාජකීය කොමිසමක් පිහිටුවීම සඳහා යෝජනාව අද දිනයේ (18/02) ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වනු ඇතැයි අගමැති Scott Morrison විශ්වාස කරයි.

ආබාධිත පුද්ගලයින් සම්බන්ධ රාජකීය කොමිසම පිහිටුවීමේ යෝජනාවට ලිබරල් සන්ධාන රජය පසුගිය සතියේ ඡන්දය දීමෙන් වැළකී සිටි නමුත් කම්කරු පක්ෂයේ දැඩි විවේචන හමුවේ එම තත්ත්වය වෙනස් වූ බව වාර්තා වේ.

ලිබරල් සන්ධාන රජය ඔස්ට්‍රේලියානු ජනතාවට වඩා දේශපාලනය පිළිබඳ වදවන බවට කම්කරු පක්ෂය එහිදී චෝදනා කරන්නට විය.

මේ අතර ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ ද්විත්වයම වැරදි සිදුකර ඇති බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Jordan Steele-John, Sky පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now