SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද තවුහිත් ජමාත් ඇතුළු කණ්ඩායම් තහනම් කල ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

Easter Sunday attack
Easter Sunday attack Source: SBS Sinhala

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද 'ජාතික තවුහීත් ජමාත් සංවිධානය' (NTJ ) ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (මැයි 13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කොට තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර ඇති බව සඳහන් වේ. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 22කට පසුව වීමද විශේෂත්වයක්.

ඒ අනුව තහනමට ලක්ව ඇති සංවිධාන තුන වනුයේ,

1. නැෂනල් තවුහීත් ජමාත් (NTJ)

2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (JMI)

3. විලයාත් අස් සෙයිලානි

එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ. සිංහල පිටපත තවම නිකුත්කොට නොමැති බවද වාර්තාවේ.

NTJ banning gazette
NTJ banning gazette

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now