SKIP TO MAIN CONTENT

ලංකාවට සරණාගතයින් 1333 ක්.

refugees
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

සරණාගතයන් ලෙස හා දේශපාලන රැකවරණය පතා පැමිණි පුද්ගලයින් 1333 දෙනෙකු එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (03/10) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කළේය.

මෙම පිරිස අතරින් 728 දෙනෙකු සරණාගතයන් ලෙස රැදී සිටින අතර තවත් 605 දෙනෙකු දේශපාලන රැකවරණ පතා රැදී සිටින බව ද අමාත්‍යවරයා පැවැසීය.

දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳ එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසම පරික්ෂණ කරමින් සිටින බවත් ඔවුන්ට දේශපාලන රැකවරණ අවශ්‍ය බව තහවුරු වුවහොත් ඒ සඳහා සුදුසු රටකට යවන අතර එසේ නොවන්නේ නම් ඔවුන්ගේ මව්රට  බලා ආපසු යවන  බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම පිරිස අතර බහුතරය පාකිස්තානයෙන් පැමිණි අය වන අතර එම සංඛ්‍යාව 1037 ක් බව වාර්තා වේ.

ඊට අමතරව ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි 190 දෙනෙකු, ඉරානයෙන්  පැමිණි 18 දෙනෙකු, මාලදිවයිනෙන් පැමිණි 11 දෙනෙකු, මියැන්මාරයෙන් පැමිණි 36 දෙනෙකු, යේමනයෙන් පැමිණි 13 දෙනෙකු, පලස්තීනයෙන් පැමිණි 10 දෙනෙකු, නයිජීරියාවෙන් පැමිණි දෙදෙනෙකු, සෝමාලියාවෙන් පැමිණි 14 දෙනෙකු, සහ සිරියාවෙන් හා ටියුනීසියාවන් පැමිණි එක් අයෙකු බැගින් සිටින බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now