ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ Superannuation ගිණුම් පිලිබඳ ඔබ දැන ගත යුතු කරුණු 10ක්

දීර්ඝ කාලීන වශයෙන් ඔබේ ඉතුරුම් තබා ගන්න ගිණුමක් ලෙස Superannuation හඳුන්වන්නට පුළුවන්.. එයින් ඔබ වාසි ලබා ගන්නේ කෙසේද ?

$100 Australian dollar notes, pictured in Brisbane, Tuesday, Aug. 20, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING

$100 Australian dollar notes, pictured in Brisbane, Tuesday, Aug. 20, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

1.Superannuation සඳහා ඔබ සුදුසුකම් ලබා තිබේද?

වයස  අවුරුදු 18 වැඩි මසකට ඩොලර් 450ට වැඩි ආදායමක් ලබන සේවකයින්ගේ වටුප්ප් අගයෙන් 9.5%ක් Superannuation දායකත්වය ලෙස ගිනුමකට් බැර කෙරෙනවා.

super1
Source: AAP

2.විවිද රැකියා අනුව සමහර සේවකයන්ට Superannuation දායකත්වය අහිමි විය හැකියි

මසකට ඩොලර් 450ට අඩු ආදායමක් ලබන පුද්ගලයන්ට එසේ Superannuation දායකත්වය අහිමි විය හැකියි

part time
Source: AAP

3.මසකට ඩොලර් 450ට වැඩි ආදායමක් ලබන පුහුණු සේවකයන්ටද Superannuation දායකත්වය හිමියි

apprentice
Source: AAP

4.මෙම මුදල් පාලනය කරන්නේ කවුරුන්ද?

බැංකු , රක්ෂණ ආයතන හා Industry funds මගින් මෙම මුදල් රාජ්‍ය බැඳුම්කර හෝ වෙනත් අඩු අවදානම් හෝ වැඩි අවදානම් ආයෝජන සඳහා යොදවනවා.

asx
Source: AAP

5. සේවකයන්ට තමාගේ ගිණුම තොරා ගත හැකියි

සේවකයන් තොරා ගෙන නැත්නම් රැකියා ස්ථානය විසින් එම ගිණුම තොර ගන්නවා..සමහර ගිණුම් මගින් පාඩුද සිදු විය හැකියි

super5
Source: AAP

6.ඔබ අමතර දායකත්ව ගිණුමට ලබා දෙන්නේ නම් ඔබට රජයෙන් වාසි ලබා ගත හැකියි

extra
Source: AAP

7.අඩු ආදායම් ලාබීන්ට Superannuation සම දායකත්වය ලබා ගත හැකියි

වසරකට ඩොලර් 51000ට අඩු ආදායම් ලාබීන්ට , Superannuation අමතර දායකත්වයක් ලබා දේ නම් , රජයෙන් වසරකට බදු රහිත ඩොලර් 500ක සම දායකත්වයක් ලබා දේ

low income
Source: AAP

8.Superannuation ගිණුම් කිහිපයක් වෙනුවට ඒවා ඒකාබද්ධ කල හැකියි

Superannuation ගිණුම් කිහිපයක් ඇති විට ඒවා ඒකාබද්ධ කිරීමෙන් ඔබ ගෙවන ගාස්තු අවම කර , ලියකියවිලි අවම කර , පහසුවෙන්  Superannuation පිලිබඳ තොරතුරු තබා ගත හැකියි

consolidation
Source: Getty Images

9.ඔබට Superannuation ගිණුම් පාවිච්චි කල හැකි වයස වෙනස් විය හැකියි

දැනට එය අවුරුදු 57ක් වන අතර විශ්‍රාම වයස අවුරුදු 70 කර වර්දනය වීමටත් ඉඩ තිබෙනවා

senior
Source: AAP

10.විදේශ රටවල උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ Superannuation ගිණුම් මව් රටේදීත් පාවිච්චි කල හැකියි

නැවත මව් රටට යාමට බලා පොරොත්තු වේ නම් Superannuation ගිණුම් සඳහා  ඉල්ලුම් පත් ඉදිරිපත් කල හැකියි

overseas
Source: AAP

ඔබේ Superannuation ගිණුම් පිලිබඳ තොරතුරු ලබා ගත හැකි ප්‍රධාන ආයතනය Australian Taxation office ,තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි

www.ato.gov.au/Individuals/Super/     www.ato.gov.au

www.ato.gov.au/calculators-and-tools/check-your-super/     www.ato.gov.au\calculators-and-tools\check-your-super\>   

Superannuation පිලිබඳ පැමිණිලි හෝ ගැටළු විසඳීමට පහත වෙබ් අඩවි හරහා හැකියි

http://www.sct.gov.au/

http://www.superannuation.asn.au/

Superannuation ඇතුළු මුදල් ආයෝජන පිලිබඳ තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි

http://www.moneysmart.gov.au

 


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now