ඕස්ට්‍රේලියානු ජන සංගණනය පිලිබඳ ඔබ දත යුතු කරුණු 10ක් "SBS සිංහල" ඔබ වෙත ගෙන එයි.

වසර 2016 ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු 9 වැනිදා පැවැත්වේ. මෙය පැවැත්වෙන්නේ වසර 5කට වරක්. රටේ අනාගතය සඳහා ප්‍රධාන කරුණු හඳුනා ගැනීමට එම දත්ත යොදා ගැනේ. මෙවර ප්‍රථම වතාවට සංගණනය අන්තර්ජාලය හරහා පිරවීමට හැකියි. මේ ඒ පිලිබඳ ඔබ දත යුතු කරුණු

sydney

Source: AAP

1. සංගණන රාත්‍රියේ සියලු දෙනා එය පිරවීම අනිවාර්යයි

ඒ සඳහා ඔබ පුරවැසියකුද විය යුතු නැහැ. ඔබ සමග සිටින විදෙෂයින් පැමිණි පවුලේ සංචාරකයන් , අන්තර්ජාතික සිසුන්, 457 වීසා ලාභීන් හා සංචාරකයින් මෙය පිරවිය යුතුයි

Population
Source: Scott Barbour/Getty Images

2.මෙම තොරතුරු වලින් රටේ අධ්‍යාපනය, නිවාස, රෝහල් හා ගමනාගමනය පිළිබඳ සැලසුම් නිර්මාණය වේ

Infrustructure
General view of traffic on the Warringah freeway in Sydney, Wednesday, May 6, 2015. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP Image/Dan Himbrechts

3. මෙවර සියලු දෙනාටම අන්තර්ජාලය ඔස්සේ මෙය පිරවිය හැකියි

අගෝස්තු 1 වැනිදා සිට ඔබට සංගණනයට ඇතුල් වීමට අංකයක් හා උපදෙස් ඇතුලත් ලිපියක් ලැබේවි

Census online
Source: Sharie Kennedy/Getty Images

4. ඔබ කැමති නම් පත්‍රිකා මගින්ද ඔබට සංගණනයට සහභාගී විය හැකියි

1300214531 යන දුරකථන අංකයෙන් ඒ සඳහා පෝරමයක් ඉල්ලුම් කල යුතුයි

Census form
Source: Getty Images

5. ඔබට පරිවර්තක සහාය අවශ්‍ය නම් එය ලබා ගත හැකියි

Translator
Source: Getty Images

6. ආගම පිලිබඳ ප්‍රශ්නය හැර අනෙක් සියලු ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සැපයිය යුතුයි

අතීතයේ සිටම ඕස්ට්‍රේලියාවේ ආගම පිලිබඳ ප්‍රශ්නය කැමති නම් පමණක් පිරවිය යුතු බවත් අනෙක් සියලු ප්‍රශ්න අනිවාර්යෙන් පිරවිය යුතු බවත් සම්මත වුනා

Different Faiths
Source: Getty Images

7. ඔබ සංගණනය පිරවුයේ නැත්නම් ඔබ එය පුරනවා තෙක් දිනකට ඩොලර් 180ක් බැගින් දඩ ගෙවීමට සිදුවේ

Census fine
Source: AAP

8. ඔබ ප්‍රාදේශීය ඕස්ට්‍රේලියාවේ වෙසෙනවා නම් සංගණන ක්ෂේස්ත්‍ර නිලධාරියකු එය පිරවීමට පැමිණේවි Image

9.ඔබ මෙහිදී ලබා දෙන ඔබේ නම හා ලිපිනය වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා නොදේ

ඕස්ට්‍රේලියානු සන්ක්‍යා ලේඛන කාර්යාංශයේ ඒ පිලිබඳ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියක් ඇත.

Population Globe
Source: Public Domain/Pixabay

10. ඔබ සංගණන රාත්‍රිය රටින් පිටව සිටී නම් ඔබට එය පිරවීම අවශ්‍ය නොවේ

Aeroplane
Source: Public Domain/Pixabay

 

වැඩි විස්තර සඳහා Australian Bureau of Statistics වෙත පිවිසෙන්න

සංගණන පෝරමයක් සඳහා 1300 214 531 අංකය අමතන්න

භාෂා පරිවර්තන සේවා සඳහා 13 14 50 අංකය අමතන්න.

 


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now