

Published
2022 පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමත් සමග එහි සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුවී තිබේ.
අරාබි අර්ධද්වීපයේ ධනවත් ඉස්ලාම් රාජ්‍යයක් වන කටාර් රාජ්‍යය පාපන්දු ලෝක කුසලාන තරඟාවලියකට සත්කාරකත්වය දක්වන පළමු මැදපෙරදිග රට ලෙස ඉතිහාසගත වේ.
FIFA හෙවත් ලෝක පාපන්දු සම්මේලනය විසින් වසර 2010 දී කටාරයට 2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ හිමිකම් ප්‍රදානය කරන ලද අතර එම තීරණය මතභේදාත්මක එකක් බවට පත්විය.
මේ දිනවල ලෝකයම කතා බහ කරන කටාර් රාජ්‍යය පිළිබඳ බොහෝවිට ඔබ නොදත් කරුණු 10ක් මෙම ලිපියෙන් ගෙන එයි.
කටාර් යනු කුඩා රටක් වන අතර මෙතෙක් පාපන්දු ලෝක කුසලානයක් පැවැත්වූ කුඩාම රට වේ.
මෙය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 11,586 භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එය සිඩ්නිවලට (වර්ග කිලෝමීටර් 12,368) වඩා කුඩා වන නමුත් මෙල්බර්න්වලට (වර්ග කිලෝමීටර් 9,990) වඩා විශාල වේ.
ජනගහනය සම්බන්ධයෙන් ගත් කල, ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25.7 ට සාපේක්ෂව කටාර්හි වාසය කරන්නේ මිලියන තුනක් පමණි.
බොහෝ දුරට සංක්‍රමණිකයන් සිටින රටක් වන මෙහි කටාර් පුරවැසියන් සිටින්නේ 400,000 කට වඩා අඩුවෙනි.

42 හැවිරිදි කටාර්හි පාලක Sheikh Tamim bin Hamad Al Thani 2013 දී කටාර් එමීර්වරයා ලෙස ධුරය භාර ගත්තේ ඔහුගේ පියා වන Sheikh Hamad සිහසුන අත්හැරීමෙන් පසුවය.
Sheikh Tamim සැබෑ වශයෙන් අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ පියාගේ පළමු තේරීම නොවූ නමුත් වසර 2003 දී ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන Sheikh Jassim සිහසුනට හිමිකම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු උරුමක්කාරයා බවට පත් විය.
———————————————————————————
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔහු එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබූ අතර Sandhurst හි රාජකීය හමුදා ඇකඩමියෙන් උපාධිය ලබා ගත්තේය.
Sheikh Tamim හට භාර්යාවන් තිදෙනෙකු සහ දරුවන් 13 දෙනෙකු සිටින අතර ඔහුගේ පළමු බිරිඳ ඔහුගේ දෙවන ඥාති සොහොයුරිය වේ.
Sheikh Tamim දැඩි ක්‍රීඩා ලෝලියෙකු වන අතර 2011 සිට Paris Saint-Germain (PSG) පාපන්දු සමාජය Qatar Sports Investments හරහා හිමිකර ගත්තේය.

ලොව පුරා කාන්තාවන්ගේ අඩුම අනුපාතය වාර්තා වන්නේ කටාර් රාජ්‍යයෙන් වන අතර, රටේ සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් කාන්තාවන් (25.04%) වේ.
මෑත වසරවල කටාර්හි ජනගහන වර්ධනය මෙම අසමානතාවයට හේතු වී ඇති අතර, එය 2001 දී 615,000 සිට අද වන විට මිලියන තුනකට වඩා වැඩි වී තිබේ.
මෙම වර්ධනයට හේතු වී ඇත්තේ බොහෝ විට තරුණ පිරිමි සංක්‍රමණිකයන් විසින් රැකියා අවස්ථා සොයා කටාර් වෙත ඇදී ගිය නිසාවෙනි.
රටේ පදිංචිකරුවන්ගෙන් කටාර් ජාතිකයන්සිටින්නේ 15% ක් පමණි.

කටාර් වැසියන් ඔවුන්ගේ ආගන්තුක සත්කාරයට සහ පිළිගැනීමේ ආකල්ප සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර, දැඩි නීති සහ සමාජ සම්මතයන් ද ඒ අතර ක්‍රියාත්මක වේ.
ඉතා ගතානුගතික මුස්ලිම් රටක් වන මෙහි අත් අල්ලා ගැනීම සහ සිපගැනීම් ඇතුළුව සෙනෙහස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම අනුමත නොකරයි.
දෙස් තියා බැන වැදීම සහ රළු අභිනයන් කිරීම මෙන්ම විශේෂයෙන් මැද ඇඟිල්ල එසවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකිය.
සංවේදී ස්ථාන, ප්‍රදේශවාසීන්, විශේෂයෙන් කාන්තාවන් ඡායාරූපගත කිරීම ඔබව කරදරයකට පත් කළ හැකිය.
"කෞතුකාගාර සහ අනෙකුත් රජයේ ගොඩනැගිලි වැනි පොදු ස්ථාන නැරඹීමේදී සංචාරකයින් තම උරහිස් සහ දණහිස් ආවරණය කළ යුතුවේ.
කෙසේ වෙතත්, ලෝක කුසලානයට සහභාගී වන ජාත්‍යන්තර සංචාරකයින්ට සුළු වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමට ඉඩක් නොමැති බව SBS ප්‍රවෘත්ති සේවය අනාවරණය කරගෙන තිබේ.
කටාර්හි නීත්‍යානුකූල මත්පැන් පානය කළ හැකි වයස අවුරුදු 21 ක් වන අතර, නියමිත ප්‍රදේශවලින් පිටත පොදු ස්ථානවල මත්පැන් පානය කිරීම සහ බීමතින් සිටීම නීති විරෝධී ය.
කාමුක දර්ශන, ඌරු මස් නිෂ්පාදන, ගිනි අවි සහ ඉස්ලාම් ආගමට අදාළ නොවන ආගමික පොත්පත් හෝ ද්‍රව්‍ය රැගෙන ඒම මෙන්ම මත්පැන් රට තුළට ගෙන ඒම ද නීති විරෝධී ය
කටාර්හි ලිංගිකත්වය සහ සම්බන්ධකම් පාලනය කිරීම සඳහා දැඩි නීති ඇති අතර ලිංගික ක්‍රියා සහ සම ලිංගික පුද්ගලයින් හෝ අවිවාහක පුද්ගලයින් අතර සම්බන්ධතා අපරාධ ලෙස සලකයි.
සමලිංගික ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වසර හතක් දක්වා සිරදඬුවම් සහිත දඬුවම් ලැබිය හැකිය.

කටාර් හි සැවොම ජීවත් වෙන්නේ නගරයේය.
කාන්තාර රටක ගොවිතැන සඳහා වගා කළ හැකි ඉඩම් නොමැති තරම්ය.
මෙහි වනාන්තර නොමැති අතර සමස්ත ජනගහනය නාගරික ප්‍රදේශවල ජීවත් වේ.
බොහෝ දුරට ඔවුහු සියල්ලෝම Doha අගනුවර ආශ්‍රිතව ජීවත්වෙති.

කටාර්හි අගනුවර වන Doha අපරාධ සම්බන්ධයෙන් ගත් කළ අපාරාධ නොමැති ලෝකයේ ආරක්ෂිතම නගරවලින් එකක් ලෙස නිරන්තරයෙන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන අතරට පැමිණ තිබේ.
Numbeo 2022 අපරාධ දර්ශකයට අනුව Doha යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබියට පිටුපසින් සහ ස්පාඤ්ඤයේ සැන් සෙබස්තියන් නගරයට වඩා ඉදිරියෙන් සිටින ලොව දෙවන ආරක්ෂිතම නගරය වේ.

Freedom House හි 2022 වාර්තාවට අනුව කටාර් ‘නිදහස්’ රටක් නොවේ.
වසර 2022 දී නිදහස සමබන්ධයෙන් ලකුණු 25/100 ක්ද දේශපාලන අයිතිවාසිකම් සඳහා ලකුණු 7/40 ක්ද සිවිල් නිදහස සඳහා ලකුණු 18/60 ක්ද කටාර් රාජ්‍යය ලබා ගත්තේය.
කටාර් රාජ්‍යය 1971 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර එතැන් සිට පාලනය කරනු ලැබුවේ Al Thani පරපුරෙන් පැවත එන එමීර්වරුන් විසිනි.

රටවල් 140කට අධික සංඛ්‍යාවක මිලියන 270කට අධික නිවාස සංඛ්‍යාවකට ළඟා වන Al Jazeera මාධ්‍ය ජාලය පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යයේය.
1996 දී ආරම්භ කරන ලද Al Jazeera Arabic පසුව 2006 දී Al Jazeera English අරඹන ලදී.
කෙසේ වෙතත්, Reporters without Borders (RSF) පවසන පරිදි කටාර්හි "දේශීය දේශපාලන ප්‍රශ්න ආවරණය කිරීම මාධ්‍යවේදීන්ට සැබෑ අභියෝගයක්" වේ.
Al Jazeera මාධ්‍ය ජාලය තමන්ව හඳුන්වන්නේ කටාර් රජයෙන් අර්ධ වශයෙන් අරමුදල් සපයන ස්වාධීන ප්‍රවෘත්ති සංවිධානයක් ලෙසය.

කටාර් යනු ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන අතර පාපන්දු ලෝක කුසලානය සඳහා විශාල මුදලක් වැය කර ඇති රටකි.
ඇස්තමේන්තු කර ඇති එම වියදම ඩොලර් බිලියන 330 ඉක්මවයි.
ලෝක බැංකුවට අනුව, කටාරය Luxembourg, සිංගප්පූරුව සහ අයර්ලන්තයට පසුව ලෝකයේ සිව්වන ධනවත්ම රට වේ.
කටාරය සිය ධනයෙන් වැඩි ප්‍රමාණයක් එහි ස්වභාවික සම්පත්වලින් උපයාගෙන තිබේ.
1939 දී කටාරය තම භුමියේ ඛනිජ තෙල් සොයා ගන්නා ලද අතර ඉන් වසර 30 කට පසු ස්වභාවික ගෑස් සොයා ගන්නා ලදී.
2020 දී, Observatory of Economic Complexity (OEC) අනුව, කටාරය ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික ද්‍රව ගෑස් (LNG) අපනයනකරු වූ අතර 16 වන විශාලතම බොරතෙල් අපනයනකරු විය.

ලෝක කුසලානය පැවැත්වෙන කාලය තුළ කටාර්හි පාපන්දු පමණක් පවතී.
සියලුම දේ පාපන්දු ක්‍රීඩාංගණ කරා ගෙන යනු ඇත. පාසල් වසා දැමෙනු ඇත. නිවසේ සිට වැඩ කිරීම අනුමත කරනු ලැබේ.
එමෙන්ම මාර්ගවල පුද්ගලික වාහනවලට ඉඩ නොදෙනු ඇත.
පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන අතර Hayya fan හැඳුනුම්පතක් ඇති අයට නොමිලේ ගමන් කළ හැකිය.

පාපන්දු ලෝක කුසලානය සඳහා මිලියන 1.2 ක ජනතාවක් කටාර් වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.