SKIP TO MAIN CONTENT

සුදු ජාතීන් ගේ හිරිහැර වලට ලක්වූ ස්වදේශික ජනයා ගෙන් ඔස්ට්‍රේලියානු රජය සමාව රැගෙන වසර 10 යි.

10 years marked today for National Apology to Indigenous Australians.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගත් පසුව මෙරට ස්වදේශික ජනතාවට සුදු ජාතීන්ගෙන් සිදුවූ හිංසනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති  කෙවින් රඩ් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමේ සිදුවීමට අද ට (13/02) දස වසරක් සපිරේ.

පසුගිය පාලන කාල තුළ සුදු ජාතික රජයන් විසින් ස්වදේශික ජනතාවට එරෙහිව පවත්වාගෙන ගිය රාජ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ ආදී වාසී දරුවන් දෙමපියන් වෙතින් පැහැරගෙන යාම යන කරුණු පදනම් කරගනිමින් වසර 2008 පෙබරවාරි 13 වන දින හිටපු අගමැති කෙවින් රඩ් පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් සිදු කරමින් ඒ සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයාව පිළිගැනීමකට  කෙරෙන ව්‍යවස්ථා වෙනසක් ඉක්මනින්ම ඇති කිරීමට කටයුතු කරන බව කෙවින් රඩ් ගේ සමාව අයැද සිටීමේ අවස්ථාවට වසර 10 ක් සපිරෙන අද දිනයේ දී ඔස්ට්‍රේලියාවේ වත්මන් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් කියා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now