SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල වලට මුහුණු හඳුනාගැනීමේ නව smart ගේට්ටු 105 ක්.

105 new smart gates will be rolled out at Australian airports.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල වල ඉදිරියේදී ගුවන් මගීන්ට තම ගුවන් ගමන් බලපත්‍රය කවුන්ටර වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව පුරා ඇති ගුවන් තොටුපොළවල ස්වයංක්‍රීය ගේට්ටු හෙවත් smart gates 105 ක් ඉදි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton නිවේදනය කළේය.

ඒ සඳහා ඩොලර් මිලියන 22.5 ක් වෙන් කිරීමට අපේක්ෂා කරන අතර දෙවැනි අදියරේදී තවත් smart gates ඉදි කිරීමට අපේක්ෂිත බවද ඔහු පවසා ඇත.

ඒ අනුව බොහෝ රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන් හට මුහුණු හඳුනාගැනීමේ උපකරණ වෙත  තම මුහුණ හොවමින් තම අනන්‍යතාව ඔප්පු කළ හැකිවේ.

ජාත්‍යන්තර ගුවන් මගීන් තම ගුවන් යානයට යාමේදී ඇතිවන දිගු පෝලීම් ද මෙමගින් නැති වන බව අමාත්‍ය Peter Dutton පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now