SKIP TO MAIN CONTENT

යුරෝපා සංගමය සමග ඔස්ට්‍රේලියාවට නිදහස් වෙළෙඳ ගිවිසුමකට සහය දක්වන බවට ජර්මනියෙන් පොරොන්දුවක්.

Malcolm Turnbull talks free trade with Angela Merkel
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් නැවත වරක් නිදහස් වෙළෙඳාමේ ප්‍රතිලාභ අත්කරගැනීමට සමත් වී තිබේ.

යුරෝපානු සංගමය සමග ඔස්ට්‍රේලියාවට නිදහස් වෙළෙඳ ගිවිසුමකට සහය දක්වන බවට ජර්මානු චාන්සලර් Angela Merkel අගමැති ටර්න්බුල් හට පවසා තිබේ.

ජර්මනියේ බර්ලින් නුවරදී ඊයේ (23/04) අගමැති ටර්න්බුල් සහ ජර්මානු චාන්සලර් Angela Merkel අතර ඇතිවූ හමුවකදී  ජර්මානු චාන්සලර්වරිය මේ බව සඳහන් කර ඇත.

ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් ඇමෙරිකාවේ ආරක්‍ෂිත ප්‍රතිපත්ති මත පැනවූ නව බදු පැනවීම් හේතුවෙන් මෑතකදී අන්තර්ජාතිකව ක්‍රියාත්මක වූ නිදහස් වෙළඳාමට තර්ජනයක් මතුවිය.

නමුත් රටක සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත හැකි හොඳම පියවරක් ලෙස මෙම නිදහස් වෙළඳාම හඳුන්වා දිය හැකි බව අගමැති ටර්න්බුල් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now