SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය හේතුවෙන් රුපියල තවත් පහළට.

Sri Lankan rupee falls further down.
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති දේශපාලන අර්බුදය හා ව්‍යාකූලත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් තිබෙන බව ආර්ථික ප්‍රවීණයින් පවසයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20/01) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි. 

 

ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (19/02) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි.

ඉකුත් පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබෙන නමුත් ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර ඇතිවී ඇති මත ගැටුම් හේතුවෙන් දේශපාලන අස්ථාවර බව හේතුවෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. 

මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය ද පළුදු වී තිබේ. 

 

මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි. 

 

පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි. 

  

අද පෙරවරුව වන විට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ලොව ප්‍රධාන විනිමය අනුපාතිකයන් පහත පරිදි වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලරය        - ශ්‍රී ලංකා රුපියල් 155.49

බ්‍රිතාන්‍ය පවුම                  - ශ්‍රී ලංකා රුපියල් 217.63

යූරෝ                            - ශ්‍රී ලංකා රුපියල් 191.84

ඔස්ට්‍රේලියානු ඩොලරය       - ශ්‍රී ලංකා රුපියල් 122.56

ජපන් යෙන්                     - ශ්‍රී ලංකා රුපියල් 84.58


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now