SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය : කැන්ගරුවන් දකුණු අප්‍රිකාවට දන නමයි.

South Africa won by 6 wickets
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට ඊයේ (12/03) සමත් විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 243 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

ඔස්ට්‍රේලියාවේ David Warner ලකුණු 63 ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාවේ Kagiso Rabada ඔස්ට්‍රේලියානු පිළේ කඩුලු 5 ක් ද Lungi Ngidi කඩුලු 3 ක්ද බිඳ හෙළීය.

පිළිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම ඇරඹු දකුණු අප්‍රිකානු පිළ සියල්ලන්ම දැවී ලකණු 382 ක් ලබා ගත්තේය.

AB de Villiers ලකුණු 126 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම ශක්තිමත් කරන්නට සමත් විය.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිමද ලකුණු 239 කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී Usman Khawaja ලකුණු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 75 ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාවේ Kagiso Rabada ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ද කඩුලු 6 ක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 101 ක් ලබා ගැනීමට තිබුණු අතර දකුණු අප්‍රිකානු පිතිකරුවෝ පන්දුවාර 22 යි පන්දු 5 කදී ලකුණු 102 ක් ලබා ගනිමින් තරගයේ ජය සනිටුහන් කළේය.

සමස්ත තරගයේම කඩුලු 11 ක් බිඳ හෙලූ දකුණු අප්‍රිකාවේ Kagiso Rabada තරගයේ වීරයා බවට පත් විය.

මේ අනුව තරග 4 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන මේ වන විට සම තත්ත්වයේ පසු වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now