කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය : පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයෙන් පසුව ලංකාව දෙවනි ඉනිම අරඹයි.

2nd Test, Sri Lanka tour of West Indies

Source: espncricinfo

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය (16/06) අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියල්ලන්ම දැවී ඔවුන් ලකුණු 253 ක් රැස් කළේය.

එහිදී  නායක දිනේෂ් චන්දිමාල් සිය 11 වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය.

කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස් කරගත්තේ ලකුණු 300 ක් පමණි.

මේ අතර පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක තරගයේ තෙවැනි දිනය වූ ඊයේ තරගය ආරම්භ කිරීම ප්‍රමාද විය.

ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයන් පන්දුව පළුඳු කළ බවට සැක කරමින් ඊයේ තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව වෙනත් පන්දුවකට මාරු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට අතිරේක ලකුණු 5 ක් ප්‍රදානය කළ විනිසුරුවෝ, ඊයේ  දිනයේදී ක්‍රීඩා කිරීම සඳහා වෙනත් පන්දුවක් තෝරාගැනීමේ අවස්ථාව කඩුල්ලේ රැදී සිටි කොදෙව් පිතිකරුවන්ට ලබාදීමටද පියවර ගත්හ.

කෙසේ වුවත් ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ දිනයේදී තරගය  ආරම්භ කිරීම සඳහා නියමිත වේලාවට ක්‍රීඩාංගණයට නොපැමිණි අතර කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පමණක් ක්‍රීඩාංගණයට පැමිණ විනිසුරුවන් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතාද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට පැමිණ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කලමණාකරු අසංක ගුරුසිංහ මහත්වරු සමග මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළේය.

අවසානයේ පැය 2 ක පමණ ප්‍රමාදයකින් අනතුරුව පෙරුවරු 11.40 ට පමණ තරගය ආරම්භ විය. 


2 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now