මෙම තරග තහනමට අනුව මෙම කාලය තුල ඔවුන්ට කිසිදු ජාත්‍යන්තර තරගයකට හෝ දේශීය සිව්දින සහ එක් දින තරග සදහා සහභාගිවීමට අවස්ථාව නොලැබෙනු ඇති බව සදහන්. මේ අනුව බිග් බෑෂ් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමේ අවස්ථාවද ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝර්නර් හට අහිමි වනු ඇති. නමුත් ඔවුන්ට ඕස්ට්‍රේලියාව තුල පැවැත්වෙන ප්‍රිමියර් ක්‍රිකට් තරග සදහා සහභාගී විය හැකි බව සදහන්. තවද ප්‍රජා මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සදහා පැය 100ක් තහනමට ලක් වූ මෙම ක්‍රීඩකයින් සේවය කල යුතු බවද මෙම තහනම ප්‍රකාශයට පත් කරමින් ක්‍රිකට් ඕස්ට්‍රේලියා සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
ඩොලර් මිලියන ගණනක IPL තරගාවලියත් ස්මිත්ට සහ වෝර්නර් අහිමි වෙයි

පන්දුව පලුදු කිරීමේ සිද්ධිය හේතුවෙන් මෙම තහනම ප්‍රකාශයට පත් කිරීමේදී මෙම ක්‍රීඩකයින් හට විදේශීය ලීග් 20-20 තරග වලට ඔවුන්ගේ සහභාගීත්වය ලබාදිය හැකිද නැද්ද යන්න පැහැදිලිව සදහන් කර නොමැති වුවත් ස්මිත් සහ වෝර්නර් 2018 IPL විස්සයි විස්ස ලීග් තරගාවලියෙන් ඉවත් කරන බව තරගාවලි සංවිධායකයින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 2018 IPL තරග වාරය සදහා ස්ටීව් ස්මිත් Rajasthan Royals කණ්ඩායම සමග ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.4ක ගිවිසුමකටද, ඩේවිඩ් වෝර්නර් Sunrisers Hyderabad කණ්ඩායම සමග ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.4 ගිවිසුමකටද අත්සන් කර තිබිණි.
"දඩුවම දරුණු වැඩියි" - ෂේන් වෝන්

කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් දක්වන හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් පවසන්නේ මෙම ක්‍රීඩකයින් හට මාස 12ක තරග තහනමක් පැනවීම, පමණ ඉක්මවා ගිය තීරණයක් බවයි. එම දඩුවම දරුණු වැඩි බවත් එම තීරණය හේතුවෙන් ක්‍රීඩකයින් පිලිබදව සමාජය තුල වැරදි මතයක් ගොඩනැගිය හැකි බවත් ඔහු පවසනවා.
මෙම පන්දුව පලුදු කිරීමේ සිද්ධියට සම්බන්ද ක්‍රීඩකයින් ඉතා දරුණු වරදක් කර ඇතත් ඔවුන් නරක පුද්ගලයින් නොවන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු Darren Lehmann මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වය Tim Paine හට
මෙම මතභේදාත්මක සිද්ධියත් සමගින් ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු කණඩායමෙන් සහ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමග Tim Paine ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණඩායමේ නව නායකයා ලෙස පත් කල බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය නිවේදනය කර තිබේ. ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ 46 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා වන අතර, එක් දින සහ 20-20 තරගවලදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් නැහැ.

