පසුගිය කාර්තුව තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සිදුවූ වැදගත් සිදුවීම් 12ක් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පහත පරිදි දක්වා තිබුණි.
ඔස්ට්‍රේලියානු ආර්ථිකය 0.5% කින් වර්ධනය විය
ඔස්ට්‍රේලියානු ආර්ථිකය 2022 දෙසැම්බර් කාර්තුව තුළ 0.5% කින් වර්ධනය වූ අතර පසුගිය වසරට සාපේක්ෂව 2.7% කින් වර්ධනය විය. COVID-19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වීම වැළක්වීම පිණිස කළ lockdowns කිරීමෙන් පසු මෙය අඛණ්ඩව ආර්ථික වර්ධනයක් සිදුවූ පස්වන කාර්තුව විය.
ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය විය
අපනයන 1.1% කින් වර්ධනය වූ අතර ආනයන 4.3% කින් පහත වැටුණි.
භාණ්ඩවල මිල පීඩනය දිගටම පැවතුනි
2022 දෙසැම්බර් කාර්තුව තුළ පාරිභෝගික මිල ගණන් 1.9% කින් සහ පසුගිය වසරට සාපේක්ෂව 7.8% කින් ඉහළ ගියේය.
උද්ධමනයේ වාර්ෂික වැඩිවීම 1990 සිට ඉහළම අගය විය.
දෙසැම්බර් කාර්තුවේ පාරිභෝගික මිල වැඩිවීමේ ප්‍රධාන අයිතමයන් වූයේ නිවාඩු ගමන්, නවාතැන්පහසුකම් සහ විදුලිය විය.
පාරිභෝගිකයින් පටි තද කරගැනීම
පාරිභෝගිකයින් තම අභිමතය පරිදි භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් ප්‍රවේශම් විය.
ආර්ථික වර්ධන වේගය මන්දගාමී වුවද සේවා සඳහා වියදම් දෙසැම්බර් කාර්තුව තුළ 1.2% කින් වර්ධනය වෙමින් ශක්තිමත්ව පැවතුනි.
සමස්තයක් වශයෙන්, කාර්තුව තුළ ගෘහස්ථ පරිභෝජනය 0.3% කින් ඉහළ ගිය අතර එය මෑත කාර්තුවලට වඩා අඩු විය.
අඛණ්ඩව 11 වන වරටත් මාසිකව ඉහළ යාමෙන් පසුව දෙසැම්බර් මාසයේදී සිල්ලර විකුණුම් 3.9% කින් පහත වැටුනි.
ජනතාවගේ ඉතුරුම් අඩු විය
2022 දෙසැම්බර් කාර්තුවේදී පවුල් තම ආදායමෙන් 4.5% ක් පමණක් ඉතිරි කර ගත්හ.
එය 2022 සැප්තැම්බර් කාර්තුවේ 7.1% ක් වූ අතර 2019 දී එනම් වසංගතයට පෙර දෙසැම්බර් කාර්තුවේ 6.8% ක් විය.
සැප්තැම්බර් කාර්තුවේ 36.1% ක වැඩිවීමකින් පසු කාර්තුව තුළ නිවාස ණය සඳහා ගෙවන ලද පොලී 23% කින් වර්ධනය විය.
වැටුප් වර්ධනය දැඩි ශ්‍රම වෙළෙඳපොල තත්ත්වයන් හා ඉහල උද්ධමනයට ප්‍රතිචාර දැක්වීම
සේවකයින්ගේ වන්දි මුදල 2.1% කින් ඉහළ ගියේය.
පෞද්ගලික අංශයේ වැටුප් මිල දර්ශකය 2022 දෙසැම්බර් කාර්තුවේදී 0.8% කින් ඉහළ ගියේය.
වසරකට පෙර හා සසඳන විට, පුද්ගලික අංශයේ වැටුප් 3.6% කින් ඉහළ ගොස් ඇති අතර එය 2012 සැප්තැම්බර් කාර්තුවෙන් පසු ඉහළම වාර්ෂික වර්ධන වේගය විය.
දෙසැම්බර් මාසයේ විරැකියා අනුපාතය 3.5% කි.
බදු වැඩි වීම
වැටුප් වර්ධනය, දැඩි ශ්‍රම වෙලඳපොලක් සහ ඉහල ආයෝඡන ප්‍රතිලාභ සමග ඒකාබද්ධව පුද්ගලයන් විසින් ගෙවන ලද ආදායම් බදු, දෙසම්න්බර් කාර්තුව තුලදී 7.4% කින් වැඩි විය.
ඉන්ධන බදු සහන අවසන් වීමත් සමඟ නිෂ්පාදිත භාණ්ඩ සඳහා බදු 34.2% කින් වර්ධනය විය.
දෙසැම්බර් කාර්තුව තුළ රජයේ සියලුම මට්ටම් විසින් එකතු කරන ලද මුළු බදු ප්‍රමාණය 5% කින් ඉහළ ගියේය.
නව වාසස්ථාන සඳහා ආයෝජන වැඩිවීම
නව වාසස්ථාන සඳහා ආයෝජනය 1.4% කින් වැඩි වූ නමුත් HomeBuilder දීමනාවේ බලපෑම් දිගටම අඩුවෙමින් පවතින බැවින් නිවාස වෙනස් කිරීම් සහ අලුතින් අංග එකතු කිරීම් 4.2% කින් අඩු විය.
දෙසැම්බර් කාර්තුවේදී යටිතල පහසුකම් සහ යන්ත්‍රෝපකරණ සඳහා ව්‍යාපාර විසින් කරන ලද ආයෝජන පහත වැටුණි.
පතල් කර්මාන්තයේ නිෂ්පාදනය වර්ධනය වීම
යපස් නිස්සාරණයේ ශක්තිය මත නොකඩවා තුන්වන කාර්තුව සඳහාත් පතල් කර්මාන්තයේ නිෂ්පාදනය 4.8% කින් වර්ධනය විය.
පාරිභෝගික ඇණවුම් අඩුවීම දේශීය නිෂ්පාදන ක්‍රියාකාරකම් පහත වැටීමට දායක විය.
සංචාරක සේවා සහ ගල් අඟුරු අපනයන වර්ධනයට හේතු විය
සංචාරකයින් සහ ආපසු පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සංචාරක සේවා අපනයනවල 18.9% ක වැඩිවීමකට දායක විය.
සැප්තැම්බර් කාර්තුවේ තියුණු පහත වැටීමකින් පසු ගල් අඟුරු අපනයනය දෙසැම්බර් කාර්තුවේදී 8.2% කින් වර්ධනය විය.
ප්‍රාග්ධන භාණ්ඩ මෙන්ම ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන හේතුවෙන් භාණ්ඩ ආනයනය 3.8% කින් පහත වැටුණි.
වෙළඳ අතිරික්තයේ වැඩිවීම සහ ආදායම් හිඟය අඩුවීම
වෙළඳ අතිරික්තයේ වැඩිවීම සහ ආදායම් හිඟය අඩුවීම යන දෙකම පිළිබිඹු කරමින් ඔස්ට්‍රේලියාව අතිරික්තයක් වාර්තා කර ඇත.
වෙළඳ අතිරික්තය ඩොලර් බිලියන 40.9 ක් වූ අතර එය වාර්තාගත දෙවන ඉහළම අගය විය.
ශ්‍රම ඵලදායිතාව පහත වැටුණි
වැඩ කරන පැයකට දළ දේශීය නිෂ්පාදිතය වසර පුරා 3.5% කින් පහත වැටුණි.
පසුගිය වසර තුන තුළ ශ්‍රම ඵලදායිතාව 0.7%කින් ඉහළ ගියේය.

