SKIP TO MAIN CONTENT

මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් එක්දින සංචිතයෙන් ඉවතට.

Mathews, Mendis, Lakmal out of ODI squad
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන මාසයේදී පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියෙන් හිටපු ශ්‍රී ලංකා එක් දින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් යන දෙදෙනාම ඉවත් කර තිබේ.

පසුගිය එක්දින තරග වලදී දිගින් දිගටම අසාර්ථක වීම නිසා කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් නොකළ බව වාර්තා වේ.

එමෙන්ම ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගනු ලැබ ඇත.

මේ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල් නම් කෙරුණු අතර ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.

20-20 තරග නායකයා තවමත් නම් නොකළ බවද ඒ මහතා දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක් දින තරගය එළඹෙන ඔක්තෝබර් 10 වන දින රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now