ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සෝදා දමයි.

Sri Lanka tour of South Africa

ri Lanka have scored a historic 2-0 Test series win in South Africa, the first Asian side to do so. (AAP) Source: AAP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8 කින් ඉතා විශිෂ්ඨ ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23/02) සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා පිළ සමත් විය.

මෙම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ආසියානු ටෙස්ට් වාර්තාවක්ද පිහිටුවා ඇත.

එනම් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් ප්‍රථම ආසියානු ටෙස්ට් කණ්ඩායම ලෙස අද ශ්‍රී ලංකාව ඉතිහාසගත විය.

දෙවැනි දිනය වන ඊයේ (22/02) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 8 ක් අතැතිව ලකුණු 137 ක් පිටුපසින් සිටියේය.

අද දිනය ආරම්භයේ පටන්ම කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ලකුණු 197 ඉලක්කය ඉතා වේගයෙන් සහ පහසුවෙන් පසු කළේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84 ක් ලබාගත් අතර ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හට හිමිවූ අතර තරගාවලියේ වීරයා බවට කුසල් පෙරේරා පත් විය.

දෙරට අතර පළමු එක් දින තරගය එළඹෙන මාර්තු 03 වන දින ආරම්භ වේ.


1 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now