Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සුද්දා රට පාලනය කළ කාලේවත් නොකළ දේ වත්මන් කළු සුද්දෝ කරනවා - මහින්ද රාජපක්ෂ.

Mahinda gave a clue about the Sri Lanka Provincial Council Election.

Source: SBS Sinhala

ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා සිරගත කළත් පළාත් සභා මැතිවරණයේදී ජනතාව ඉතා නිවරැදි තීන්දුවක් ගනිමින් ජයග්‍රහණය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය කුමන ක්‍රමයකට පැවැත්වුවත් එහි ජය අනිවාර්යයෙන්ම ඒකබද්ධ විපක්ෂයට හිමිවන බව අප්‍රේල් 21 දින මැණික්හින්න විද්‍යාසාගර පිරිවෙනේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපන පෙමසිරි හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා සදහන් කළේය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පර වෙනු ඇතැයි ඇතමුන් ප්‍රකාශ කළත් සියලු පක්ෂ අභිභවා පොහොට්ටුව මතු වූ බවත් ඒ අයුරින්ම ඉදිරි මැතිවරණයේදී ජනතාව නිවරැදි තීන්දුව ලබා දෙමින් පොහොට්ටුව දිනවන බව කී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“විහාරස්ථාන ශ්‍රේණි ගත කිරීම පිළිබදව නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කරනවා. ඒ අනුව සෑම පන්සලක්ම එක් එක් ශ්‍රේණිවලට යටත් කිරීමටයි කටයුතු කරන්නේ. ජනතාව ආගම ඇදහීමෙන් ඈත් කිරීමට දරන උත්සහ කිරීමක් ද යන්න අපට ප්‍රශ්නයක්. නව පනත අනුව පන්සලක් ඉදිකරනවා නම් ඒ සදහා සෙසු නිකායන් හා වෙනත් ආගම්වල අවසර ලබා ගත යුතුයි. මේක අනිත් ආගම්වලටත් පොදුයි. ආගමික ස්ථාන පාලනය කිරීමට කටයුතු කිරීම නිවරැදි දෙයක් නොවෙයි. සුද්දා රට පාලනය කළ කාලේවත් නොකළ දේ වත්මන් කළු සුද්දන් කරනවා. මේ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. වත්මන් ආණ්ඩුව රටේ, ජනතාවගේ, ජාතියේ ප්‍රශ්න පිළිබදව අවදානය යොමු කරන්නේ නැහැ. ඒ පිළිබදව ඔවුන්ට කියාදීම බීරි අලියන්ට වෙණ වාදනය කිරීමක් වැනියි. කියන දෙයකට ඇහුම් කන් දෙන්නේ නැහැ. ඔවුන්ගේ බලය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය සියලු දේ කරනවා. අවුරුදු 03ක් ගත වෙලත් පළි ගැනීම නතර කරලා නැහැ. අපව සිරගත කර මැතිවරණ පැවැත්වීමටයි ඔවුන් සිතන්නේ. නමුත් රටේ ජනතාව නිවරැදි තීන්දුව ලබා දෙයි.”

ආණ්ඩුවේ බොරවලට හසු නොවී ආණ්ඩුව පෙරළිම සදහා සියලු ජනතාව එක් විය යුතු යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now