SKIP TO MAIN CONTENT

සිඩ්නි , මෙල්බන් නිවාස වල මිල නැවතත් ඉහලට යන ලකුණු ...(SBS සිංහල /වාර්තා)

house
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Skip to article content

වසර 2017 න් පසුව ප්‍රථම වරට සිඩ්නි හා මෙල්බන් හි නිවාස මිල ඉහල යාමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. මේ අනුව අඩු නිවාස නය වාරික හා වෙලදපොලේ යම් නැගීමක් දක්නට හැකියි

Corelogic නම් දේපල පිලිබද විශ්ලේෂක ආයතනය විසින් දත්ත මගින් පෙන්වන්නේ මෙම වෙළද පොළ 2හි 0.1% හා 0.2% බැගින් ඉහල බවයි . වසර 2017 ජුලි මස තිබු උච්චතම අවස්ථාවේ සිට සිඩ්නි නුවර දේපොළ මිල වැඩිවූ ප්‍රථම අවස්තාව මෙය වන අතර මෙල්බන් නුවර 2017 නොවැම්බර් වලින් පසුව මිල වැඩිවූ ප්‍රථම අවස්තාව මෙය වේ.

මෙයට මැයි මස පැවතී ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයත්, ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ පොලී අනුපාතික අඩු කිරීමත් හේතු වී ඇති බවට මත පල වේ. වසර 2018 මාර්තු සිට ඇති වූ 0.2% කඩා වැටීම දැන් මද වශයෙන් සිඩ්නි හා මෙල්බන් නුවර වල අඩු වී ඇති බවට පෙනී යයි.

වසර 2017 පසු , මිල ගණන වල චතුර්ථක අගයන් සිඩ්නි නුවර 17.1% කින් හා මෙල්බන් හි 15.8% කින් අඩු වී තිබිණ . අලුතින් නිවාස වෙළද පොලට එක් වන දේපොළ නිසා තවත් නව අභියෝගයක් වෙළද පොලට එල්ල විය හැකි බවට Commsec ආයතනය පවසනවා.

විවිධ ප්‍රාන්ත වල මිල වෙනස්කම්

මෙම නගර වලට අමතරව ටස්මෙනියාවේ හොබාට් 0.2%ක වැඩිවීමක්ද, ප්‍රාදේශීය දකුණු ඕස්ට්‍රේලියාවේ 0,1% ක් ද Nothern Territory හි 0.2%ක වැඩි වීමක්ද දක්නට ලැබුණි .

එසේම කැන්බරා හා ඩාවින් හි 0.9%කින් නිවාස මිල ජුනි මසදී පහල ගිය අතර පර්ත් නුවර එය 0.7%කින් පහල ගොස් ඇත. ප්‍රාදේශීය පෙදෙස් බොහොමයක නිවාස වෙළද පොළ කඩා වැටීමක් පෙන්නුම් කලද ටස්මෙනියාවේ පමණක් වර්ධනයක් දක්නට ලැබිණි

කම්කරු පක්ෂය විසින් යෝජනා කොට තිබු බදු සංශෝධන මගින් සිඩ්නි හා මෙල්බන් නගර වලට දැඩි ප්‍රහාරයක් එල්ල වෙතියි බලාපොරොත්තු වුවත් , සන්ධාන රජයේ මැතිවරණ ජයග්‍රහණයත් සමග එම නගර දෙකට වාසි තත්වයක්ද ඇත විය. නමුත් වසර 2020 තුලත් නිවාස මිල ඒකාකාරී අගයක් ගනු ඇති බවට විශ්ලේෂකයින් පවසයි

card
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now