SKIP TO MAIN CONTENT

ලංකාවේ නව මැතිවරණ ක්‍රමය යටතේ තනතුරු පත් කරන්න වෙන්නේ යුද්ධෙකින්. පැරණි මනාප ක්‍රමය මීට හොඳයි - ලක්ෂ්මන් කිරිඇල්ල

SL New electoral system is causing problems and we’ll go back to the preferential voting system - Lakshman Kiriella.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka

Source: SBS Sinhala


Skip to article content

නව මැතිවරණ ක්‍රමය ගැටලු සහිත බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණ  පැරණි මනාප ක්‍රමයට පවත්වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමෙන් පසු සභාපති, උප සභාපති පත් කර ගැනීම සදහා ඡන්ද පැවැත්වීමට සිදුවීම ගැටලුවක් වී ඇතැයි අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන පවත්වා ගැනීම සදහා අවුරුද්දෙන් අවුරුද්දට මාස හයෙන් මාස හයට ඡන්ද පැවැත්වීමට සිදුවන අසාර්ථක ක්‍රමයකට වඩා ගැලපෙන ක්‍රමයක් භාවිතයට ගත යුතු යැයි කී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

"පළාත් පාලන ආයතන සදහා සභාපති, නගරාධිපති, උපසභාපති පත් කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. යුද්ධයක් වැනි ක්‍රමයක් අනුගමනය කිරීම උචිත නැහැ. ඒ නිසා ඉදිරි පළාත් සභා ඡන්ද සදහා පැවැති පැරණි ක්‍රමය භාවිත කිරීමට අප සැලසුම් කරනවා. මේ සදහා සියලු දේශපාලන පක්ෂවල එකගත්වය පළවී තිබෙනවා. ප්‍රාදේශීය සභාව ඡය ලැබූවා කියු පමණින් ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම දියවී යන්නේ නැහැ. 2015දී ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද පවත්වා වසර පහක කාලයකට පිළිගත හැකි ජනවරමක් ලබා ගත්තා."

වත්මන් ආණ්ඩුව ලැබූ ජන වරමට පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now