SKIP TO MAIN CONTENT

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව් අද ආරම්භ වේ

13th South Asian Games 2019
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංගශාලා ක්‍රීඩාංගණයේදී ඊයේ උත්සවාකාරයෙන් ආරම්භ විය.

මෙවර ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන නේපාලය සමග ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වෙති.

ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව් අද ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ හිමාශ එශාන්, විනෝජ් සුරංජය ද සිල්වා, ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි, ඩබ්ලිව්.ටී. අමාශා ද සිල්වා පිරිමි සහ කාන්තා මීටර් 100 ඉසව් නියෝජනය කරමින් අද තරඟ වැදීමට නියමිතයි.

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් 10 වන දින තෙක් පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now