SKIP TO MAIN CONTENT

වසර 43 කට පසුව ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාවක් ලොව අංක එක බවට පත්වෙයි.

Ashleigh Barty
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Ashleigh Barty ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස කිරුළු පළඳියි.

Birmingham Classic ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී ජර්මානු ක්‍රීඩිකා Julia Goerges ව 6-3 ක් සහ 7-5 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර Birmingham කාන්තා ශූරතාව දිනගනීමත් සමග Ashleigh Barty ටෙනිස් ක්‍රීඩිකාවන අතරින් ලොව අංක බවට පත්විය.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාවක් ලොව අංක එක බවට පත්වුයේ 1976 වසරෙන් පසුව වීමද සුවිශේෂී සිදුවීමක් විය.

1976 වසරේදී ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Evonne Goolagong Cawley ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳීමට සමත් වුවාය.

කෙසේනමුත්, තමන්ව Evonne Cawley හට සමාන කිරීමට නොව ලං කිරීමට පවා නොහැකි බව Ashleigh Barty පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now