SKIP TO MAIN CONTENT

අර්ජුන ඇලෝසියස් ගේ තවත් මුල්‍ය වංචාවක් ගම්මන්පිල හෙළි කරයි.

Gammanpila reveled another scam of Aloysius.
Source: Sunday Observer

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් මහතා බැදුම්කර වංචාවට අමතරව තවත් මුලය අක්‍රමිකතවයට සම්බන්ධ බවත් ඒ සදහා විමර්ශනය සදහා ජනධිපති කොමිසමක් පත් කරන ලෙසත් ඊයේ (05/02) මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා තිබෙන කිලෝමීටර් තිස් දෙක ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 138 ක ණයක් ජපානයේ ටෝකියෝ මිට්සුබිෂී බැංකුවෙන් ලබාගෙන ඇති බව උදය ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කළේය.

ණය ලබාගැනීමේදී ආපසු ගෙවීමට නොහැකි වේ යැයි අවධානමක් තිබේ නම් එම ණය රක්ෂණය කරන බවත් යුධ සමයේ මෙම ගාස්තුව ණය මුදලෙන්  5% - 10% අතර ඉහළ අගයක් ගත් බවත් යුද්ධය අවසන් වී ණය අවධානම අඩුවූ නිසා ගෙවීමට සිදුවූයේ 2% - 5 % අතර අගයක් බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

නමුත් මෙම ණය මුදල සඳහා රක්ෂණ ගාස්තුව වශයෙන් 10% ක විශාල මුදලක් ගෙවා ඇති බව ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ණය මුදල ලබා ගැනීමේදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ ජපානයේ ටෝකියෝ මිට්සුබිෂී බැංකුවේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළේ අර්ජුන ඇලෝසියස් බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now