SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! - ඡන්ද දායකයන්ගෙන් 15%ක් ප්‍රධාන පක්ෂවලට පිටුපායි

නවතම මත විමසුමේදී සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන්ට ලැබුණු කැමැත්ත 3%කින් ඉහල ගොස් ඇති අතර මෙය වසර 31ක මත විමසුම් ඉතිහාසයේ එම කාණ්ඩය ලබාගත් ඉහලම අගය බවට වාර්තා වෙයි

Ricky Muir & Jacqui Lambie
Senator Ricky Muir is congratulated by Independent Senator Jacqui Lambie after delivering his maiden speech in the Senate Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඡන්ද දායකයන්ගෙන් 15%ක් මෙවර මැතිවරණයේදී සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන්ට තම ඡන්දය ලබා දෙන බවට එළඹෙන ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක නවතම මත විමසුමේදී හෙළිවී තිබේ.

මේ අනුව සති දෙකකට ඉකුත්ව පැවැත්වූ මත විමසීමේදී සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන්ට ලැබුණු කැමැත්ත 3%කින් ඉහල ගොස් ඇති අතර මෙය වසර 31ක මත විමසුම් ඉතිහාසයේ එම කාණ්ඩය ලබාගත් ඉහලම අගය බවට වාර්තා වෙයි.

මීට අමතරව ප්‍රධාන පක්ෂ දෙකේ ජනප්‍රිය භාවය තවමත් 50-50 මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ. ලිබරල් සන්ධාන රජය සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය 1%කින් අඩුවී 40% දක්වා පහත බැස ඇති අතර එම අගය මැල්කම් ටර්න්බුල් අගමැති වූවායින් පසුව ලැබූ පහලම අගය බව සටහන්. මේ අතර කම්කරු පක්ෂය සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය 1%කින් අඩුවී 35% දක්වා පහත බැස තිබේ.

මේ අතර හොඳම අගමැතිවරයා සඳහා වූ මත විමසුමේදී ටර්න්බුල් සහ බිල් ශෝර්ටන් යන දෙපළගේම ජනප්‍රියතාව පහල බැස තිබේ. ටර්න්බුල් මහතා 45% දක්වාද ශෝර්ටන් මහතා 30% දක්වාද පහත බැස ඇත. The Australian පුවත් පතට අනුව පසුගිය වසර 30ක ඉතිහාසය තුළ මෙම අගය, 40%න් පහත ලබාගත් කිසිඳු පුද්ගලයකු මහා මැතිවරණයක් ජයග්‍රහණය කර නොමැත. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now