SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර 400 කට රුසියානු සයිබර් ප්‍රහාර.

cyber attacks
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරවල පිටුපස සිටියේ රුසියාව බව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ දහස් ගණනක් වූ අනාරක්ෂිත routers රුසියානු හැකර්වරුන් විසින් ග්‍රහණයට ලක් කර ඇති බවත් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂණ ඇමතිනී Marise Payne  ට අනුව ඔස්ට්‍රේලියානු සමාගම් 400 ක් පමණ සයිබර් ප්‍රහාර වලට ලක්වී ඇති බවත් සඳහන්.

කෙසේනමුත්, එම ප්‍රහාර වලින් කිසිදු ඔස්ට්‍රේලියානු තොරතුරක් පිටතට ගොස් නැති බවද ඔස්ට්‍රේලියානු රජය පවසයි.

මේ අතර අදාළ ප්‍රහාර වලට හසුවූ ඔස්ට්‍රේලියානු සමාගම් වෙත ඔස්ට්‍රේලියානු රජයේ සයිබර් ආරක්ෂණ කාර්යාලය ඇමතුම් ලබා මතුව ඇති අවදානම් තත්ත්වය පිළිබඳ දැනුවත් කළ බවද වාර්තා වේ.

එම සයිබර් ප්‍රහාර සියල්ලටම හසුව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සමගම් බවත් ඔස්ට්‍රේලියානු රජයට අයත් කිසිදු දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් හට ඒවායින් බලපෑමක් සිදු නොවී ඇති බවත් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison, SBS පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now