SKIP TO MAIN CONTENT

ප්‍රභාකරන් මිය ගිය දිනය උතුරේ ශෝක දිනයක් ලෙස සැමරීම යහපාලන රජයට ගැටළුවක් නැහැ : ඇමති රාජිත.

Rajitha responds to NPC declaring May 18 as day of mourning
Source: Sri Lankan Mirror

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය දිනය ලෙස හැඳින්වෙන මැයි මස 18 වන දින උතුරු පළාත් ශෝක දිනයක් ලෙසත් දෙමළ ජනතාවගේ සංහාර දිනයක් ලෙසත් නම් කිරීම පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බව ඊයේ (16/05) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

යුද්ධයේදී මිය ගිය පුද්ගලයින් සැමරීමට උතුරේ ජනතාවටද අයිතියක් ඇති බව ඔහු එහිදී පැවසීය.

LTTE සංවිධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණට තම විරු සැමරුම් සිදු කිරීමට හැකිනම් LTTE සංවිධානයටද ඊට අයිතියක් ඇති බව ඔහු එහිදී වැඩි දුරටත් පැවසුවේය.

LTTE සංවිධානය යනු පැහැදිලිව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබූ සංවිධානයක් වන බවත් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් වන්නේ කෙලෙසද යන්න පැහැදිලි කරන ලෙස මාධ්‍යවේදියෙකු රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විමසු විට "ප්‍රභාකරන් මහත්තයා සහ විජේවීර මහත්තයා කටයුතු කරපු ආකාරයේ වෙනස මට පැහැදිලි කරලා දෙන්නකෝ" යනුවෙන් අමාත්‍යවරයා පෙරළා මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න නැගුවේය.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ත්‍රස්තවාදීන්ට අමතරව සාමන්‍ය වැසියන්ද ඝාතනයට ලක්වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාව හමුදාව LTTE ත්‍රස්තවාදීන්ට අමතරව වෙනත් පුද්ගලයින්ද ඝාතනය කළ බව පවසන්නේ වගකීමෙන් යුතුවදැයි එහිදී මාධ්‍ය වේදීයෙකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී අමාත්‍යවරයා තම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට තර්ක මතු කරමින් පැවසුවේ ලෝකයේ ඕනෑම යුද්ධයකදී සාමාන්‍ය ජනතාව ඝාතනයට ලක්වන බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now