SKIP TO MAIN CONTENT

මාධ්‍ය ලොක්කන් හමුවේ ජනපති මෛත්‍රී හෙළිකළ සියළු රහස් මෙන්න SBS සිංහල වෙතින්

Maithreepala's media briefing with newspaper editors and heads of media institutions at the Presidents House
Source: President office Sri Lanka

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

පසුගිය ජනවාරි 26 වන දින ශ්‍රී ලංකාවේ පුවත් පත් වල ප්‍රධාන කර්තෘවරුන් සහ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ රැස්වීමක් පැවැත්විණි.

එම රැස්වීමේදී පහත සඳහන් කරුණු ජනාධිපතිවරයා විසින් අනාවරණය  කළේය.

මුදල් අමාත්‍යංශය

  • පසුගිය රජය සමයේදී රුපියල් ට්‍රිලියන 10 ක විදේශ ණය ලබාගෙන ඇතත් මුදල් අමාත්‍යංශයේ ලිපි ලේඛන වල සඳහන්ව ඇත්තේ රුපියල් ට්‍රිලියනයක සටහන් පමණි.
  • මහා භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුව තිබූ විශාල මුදල් ප්‍රමාණයක් පුද්ගලික සමාගම් සහ ආයතන වලට සූක්ෂමව ලබා දී ඇති බවත් එනිසාම ඒවා අනාවරණය කරගැනීමට අපහසු වී ඇත.
  • පසුගිය වසර ත්‍රිත්වය තුළ (වර්තමාන රජය ද ඇතුළත්ව) රජයට අයත් ආයතන හා රාජ්‍ය දේපළ විකිණීම් සිදුව ඇති අතර ඇතැම් විකිණීම් කැබිනට් මණ්ඩලයට දැනුම් දී නොමැත.

බැඳුම්කර වංචාව

  • වත්මන් රජය තුළ සිටින සහ විපක්ෂයේ සිටින චෞර ප්‍රභූ සන්ධානය විසින් මහබැංකු බැඳුම්කර වාර්තාව සහ ඒ පිළිබඳ ක්‍රියාත්මක වූ ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට කටයුතු කිරීම.
  • වත්මන් රජයේ සිටින ප්‍රභූ පැලැන්තියේ සොරුන් යටතේ මහා බැංකු බැඳුම්කර කොල්ලය සිදු වීම.
  • බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට විපක්ෂයේ පිරිස් බොරැල්ල නිවසකදී රැස්වී තීරණය කිරීම.
  • පළාත් පාලන මැතිවරණයෙන් පසුව බැඳුම්කර විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කළ දිනට පෙර දිනයේ ඔවුන්ගේ එම රැස්වීම පැවැත්වීම.
  • මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ කොමිසම් වාර්තාව තමන් වෙත ලැබුණු පසු හැකි ඉක්මණින් විවාදයට ගෙන එහි කරුණු ජනතාවට අනාවරණය කරන ලෙස විපක්ෂය බල කල නමුත් මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව ඔවුන් එම විවාදය පළාත් පාලන මැතිවරණයෙන් පසුවට කල් තැබීමට තීරණය කිරීම.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now