SKIP TO MAIN CONTENT

2016 ඕස්ට්‍රේලියානු අය වැය - කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා බදු සහන

The 2016-2017 Budget Papers are seen at a printing facility prior to being delivered to Parliament House in Canberra, Sunday, May 1, 2016. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
The 2016-2017 Budget PapeMay 1, 2016. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු රාජ්‍ය භාණ්ඩාගාරික Scott Morrison අද රාත්‍රී 7.30 ට ඔහුගේ ප්‍රථම අය වැය කතාව ආරම්භ කළා

විශේෂයෙන්ම කුඩා හා මධ්‍යා පරිමාන ව්‍යාපාර වලට වැඩි සහන ද රැකියා උත්පාදනයට මෙවර අවදානය යොමු කොට තිබෙනවා

වසරකට ඩොලර් මිලියන 10ට වඩා අඩු ආදායමක් ලබන ව්‍යාපාර වක ආදායම් බදු ප්‍රතිෂතය 28.5% සිට 27.5% දක්වා අඩු කිරීමට යොජිතයි . මෙහි ආදායම් උපරිමය මීට පෙර පැවතුනේ වසරකට ඩොලර් මිලියන දෙකක් ලෙස. නමුත් දැන් එය ඩොලර් මිලියන 10 දක්වා ඉහල දමා තිබෙනවා

මෙම වසරේ ජූලි 1 වැනිදා සිට මෙම බදු ප්‍රතිශතය 27.5% දක්වා අඩු වනු ඇති

එසේම මෙසේ ඩොලර් මිලියන 10ට වඩා අඩු ආදායම් ලබන ව්‍යාපාර වලට Small Business depreciation pooling නම් සහනද, වඩා සරල කොටස් රෙගුලාසිද , වාරික ලෙස බදු ගෙවීමේ සහනද හිමි වෙනවා. 

මෙයින් ව්‍යාපාර 870,000 කටද රැකියා ලාබීන් මිලියන 3.4 කටද සහන ලැබෙන බවයි වාර්තා වන්නේ

එසේම ඩොලර් මිලියන 10 ට වඩා අඩු ආදායම් ලබන ව්‍යාපාර වලට උපකරණ මිලදී ගැනීමේ ඩොලර් 20,000ක උපරිමයකට යටත්ව සහනයක්ද හිමි වේ

අමාත්‍යවරයා පවසන්නේ බදු පැහර හරින මහා පරිමාන හා බහු ජාතික සමාගම් කෙරෙත් නිසි පියවර Australian Tax Office මගින් ගන්න බවයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now