Update : ඔස්ට්‍රේලියාව මුහුණ දෙන කාලගුණ ව්‍යසනයේ අලුත්ම තොරතුරු

Bushfire and flash flooding

Source: AAP

Latest update - ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජල ගැලීම් - ප.ව. 04:30 AEDT

ජල ගැලීම් තත්වය නිසා අතුරුදහන් වූවන් සොයා දියත් කල මෙහෙයුම අතරතුර දී ජීවිතක්ෂයට පත් පුද්ගලයන් දෙදෙනෙකුගේ මෘත දේහ හමුවී තිබේ. මේ වනවිට පුද්ගලයින් 11,000 ක් Townsville ප්‍රදේශයේ විදුලි බලය නොමැතිව අවතැන් වී ද සිටියි. 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට දිගටම වැසි ලැබෙන බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පල කරයි. Blue Water ප්‍රදේශයට පසුගිය දින 7 තුලදී මීටර 1.8ක වැසි ලැබී තිබේ.

අද (පෙබරවරි 05) උදෑසන අගමැති Scott Morrison ද ජල ගැල්මට ලක්වූ පෙදෙසේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.

Old news - ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජල ගැලීම්

Floodwaters at Aplins Weir in Townsville.
Floodwaters at Aplins Weir in Townsville. Source: AAP

පසුගිය දිනවල ඇද වැටුනු අධික වර්ශාව නිසා ඔස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Ross River වේල්ල විවෘත කිරීමට සිදුව තිබේ. මේ හේතුවෙන් හදිසි ජල ගැලීම් තත්වයක් Townsville ආශ්‍රිත පෙදෙස් වල මේ වන විට උද්ගත වී ඇත. ශ්‍රීඝ‍්‍ර ලෙස ජල මට්ටම ඉහල යෑම නිසා ඊයේ දිනයේදී (03/පෙබ) පුද්ගලයින් 400 ක් පමන ප්‍රදේශයෙන් ඉවත් කරන ලදී. පසුගිය පැය 24 තුලදී හදිසි සේවා වල සහය පතා දුරකථන ඇමතුම් 1000 කට අධික ප්‍රමානයක් ද ලැබී තිබේ.

වාන් දොරොටු හැකි උපරිම විවෘත කර ඇති අතර තප්පරයකට ඝන මීටර 2000 ක ජල කඳක් මේ අවස්ථාවේදී පිටවෙන බව වාර්ත වේ. Townsville ප්‍රදේශයේ බලධාරීන් පැවසූවේ මේ වන විට නිවාස 20,000 ක් පමන යටවීමේ අවදානමකට පත් වී ඇති බවයි.

ජලයෙන් යටවුන පෙදෙසේ වල කිඹුලන් හා සර්පයින් ද හමු වී තිබේ.

A  crocodile climbing a tree to escape floodwaters.
A crocodile climbing a tree to escape floodwaters. Source: Facebook via Kim MacDonald

ටස්මේනියානු ප්‍රාන්තයේ ලැව් ගිනි

Bushfire
An emergency bushfire warning remains in place for central Tasmania Source: AAP

ටස්මේනියා ප්‍රාන්තයේ Reynolds Neck ප්‍රදේශයට දැඩි ලැව් ගිනි අවධානමක් ඇති බවට ටස්මේනියානු ගිනි නිවන සේවය ප්‍රකාශ කර තිබේ. එසේම ලැව් ගිනි තත්වය නිසා සිදුවෙන හානි ප්‍රමාණය ගනනය කිරීමට තව කාලය අවශ්‍යය බව ද පවසයි. ටස්මේනියානු ගිනි නිවන සේවයේ මධ්‍යා ප්‍රාකශක, John Hollaway පවසා සිටියේ ලැව් ගිනි පැතිරීම නැවැත්වීමට සියුලුම උත්සාහයන් ගන්නා බවයි.

විපක්ෂ නායක Bill Shorten අද දිනයේදී (04/පෙබ) ටස්මේනියානු ලැව් ගින්නෙන් විනාශ වුනු ප්‍රදේශ බැලීමට යාමට නියමිතයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි අවදානම

මේ වන විටත් ගිනි නිවන සෙබලුන් 1000 ක් පමණ වික්ටෝරියානු ප්‍රාන්තයේ ගිනිජාලාවන් කිහිපයක් මැඩ පවත්වමින් පසුවෙති. Grantville Conservation Reserve හි ඇතිවුන ගින්න පාලනය කිරීමට ද ගිනි නිවන සෙබලුන් සමත් වී තිබේ.

Maidan Hall සහ Walhalla හි ලැව් ගිනි අවදානම සම්බන්ද්යෙන් මීට පෙර නිකුත් කල අවදානම් පනිවුඩ වැසි බර කාළගුණය නිසා අඩු කර ඇත.


2 min read

Published

Updated

By Gamidu Agampodi



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now