SKIP TO MAIN CONTENT

උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

Politics of Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

උතුරු පළාතේ මේ වන විට පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ (04/04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති උතුරු - නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ 06 වන රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

උතුරු පළාතේ හමුදා බාරයට ගත් ඉඩම් තවමත් නිදහස් කර නොමැති බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඇතුළු උතුරු පළාත් දමිල මන්ත්‍රීවරුන් සිදුකළ චෝදනා වලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තමන් යටතේ පැවති ඉඩම් බහුතරයක්ම මේ වන විට නිදහස් කර ඇති බවට හමුදාව පැවසුවද එහි කිසිදු සාක්ෂියක් නොමැති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

නමුත් දැනට නිදහස් කිරීමට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 13,497 ක් බවත් එයින් රජයේ ඉඩම් අක්කර 11,039 ක් වන බවත් පුද්ගලික ඉඩම් ඇත්තේ අක්කර 2457 ක් බවත් ඉඩම් දේපළ හා භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර මහතා එහිදී පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now