SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඇවිත් ඔස්ට්‍රේලියාවේ අතුරුදන්වූ පිරිස රැකවරණ වීසා ඉල්ලලා.

2018 Gold Coast Commonwealth Games
2018 Gold Coast Commonwealth Games Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ඔස්ට්‍රේලියාවට පැමිණි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නැවත සිය රටවලට නොයා ඔස්ට්‍රේලියාව තුළ අතුරුදන්ව ඇති බවට වාර්තා විය.

මෙම ක්‍රීඩකයින්ගේ වලංගු වීසා කාලය පසුගිය මැයි 15 වන දින රාත්‍රියෙන් අවසන් වූ අතර ඔවුන්ගෙන් සමහරක් මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතන බව සිඩ්නි නුවර Refugee Advice and Casework Service ආයතනය පවසයි.

ඔවුන්ගේ වීසා කල් ඉකුත්වීමට පෙර ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහා අයදුම් කිරීමට තම ආයතනය සහය ලබා දුන් බව  Refugee Advice and Casework Service ආයතනයේ ප්‍රධාන සොලිසිටර්වරිය වන Sarah Dale පැවසුවාය.

ප්‍රථමයෙන් මෙසේ අතුරදන්වූ ප්‍රමාණය 11 ක් බවට වාර්තා විය.

ඒ අතර කැමරූන් රාජ්‍යයේ බොක්සිං ක්‍රීඩකයින් 5 දෙනෙකු සහ මල්ලව පොර ක්‍රීඩකයින් තිදෙනෙකුද උගන්ඩාවේ මළල ක්‍රීඩකයින් තිදෙනෙකුද රුවන්ඩාවේ Paralympic බර ඉසිලීමේ පුහුණුකරුවෙකුද වන බව වාර්තා විය.

නමුත් එම ප්‍රමාණය 11ක් නොව 19 කට අධික බවත් පුද්ගලිකතවය පිළිබඳ නීතිමය ගැටළු හේතුවෙන් නිවැරදි සංඛ්‍යාව හෙළි කළ නොහැකි බවත්  Sarah Dale පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now