SKIP TO MAIN CONTENT

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වාසී ඇබෝරිජිනල් ළමුන්ගෙන් 18% කට ආසන්න ප්‍රමාණයකට රට තුල පුරවැසි අනන්‍යතාවයක් නැහැ. (වාර්තා / SBS සිංහල)

2012 වසරේ සංඛ්‍යාලේඛන වලට අනුව බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කරන ඇබෝරිජිනල් ළමුන්ගෙන් 18% කට ආසන්න ප්‍රමාණයකට රට තුල පුරවැසි අනන්‍යතාවයක් නොමැති බව සදහන්. තවද එම ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු අබෝරිජිනල් ළමුන් 5දෙනෙකුගෙන් එක් අයෙකු ඕස්ට්‍රේලියාවේ පුරවසියෙක්ද යන්න සනාත කිරීම‍ට කිසිඳු සාක්ෂියක් නොමැති බව සදහන්.

Aboriginal children
Aboriginal children in silhouette at sunset on the Canning Stock Route. Little Sandy Desert, Western Australia. (Photo by Auscape/UIG via Getty Images) Source: Photo by Auscape/UIG via Getty Images

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

2012 වසරේ සංඛ්‍යාලේඛන වලට අනුව බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කරන ඇබෝරිජිනල් ළමුන්ගෙන් 18% කට ආසන්න  ප්‍රමාණයකට  පුරවැසි අනන්‍යතාවයක් නොමැති බව සදහන්. තවද එම ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු අබෝරිජිනල් ළමුන් 5දෙනෙකුගෙන් එක්  අයෙකු ඕස්ට්‍රේලියාවේ පුරවසියෙක්ද යන්න සනාත කිරීම‍ට කිසිඳු සාක්ෂියක් නොමැති බව සදහන්. මේ නිසා වයස සාක්ෂි සහිතව පෙන්විය යුතු කටයුතුවලට ඔවුන්ට සහභාගී වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වනවා.

The Australian and New Zealand Journal of Public Health නම් අධ්‍යන වාර්තාවට අනුව, මෙම ළමුන්ගේ උපත ලියාපදිංචි නොවීම මිට ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ. මෙම අධ්‍යන වාර්තාවේ දත්ත වලට අනුඅව, බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශ වල උපත ලබන ආදීවාසී  දරුවන්ගෙන් 30%කට ආසන්න  පිරිසකගේ උපත මෙලෙස ලියාපදිංචි නොවන අතර, ප්‍රාන්තයේ නාගරික ප්‍රදේශ වල උපත ලබන ළමුන්ගෙන් 11%කගේ උපත ලියාපදිංචි නොවන බව සදහන්.

මෙම අධ්‍යනයට මුලිකත්වය ගෙන කටයුතු කල, සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින Alison Gibberd පවසන්නේ, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඔප්පු කිරීමට කිසිදු ලියවිල්ලක් නොමැති වීම හේතුවෙන් සමාජය තුල මෙම ළමුන් බාධක රැසකට මුහුණ දෙන බවයි. ළමා කාලය තුල ක්‍රීඩා වල නිරතවිමටද ඔවුන්ට මේ නිසා බාධා එල්ල වී තිබේ. තවද, වැඩිහිටියන්  බවට පත් වූ පසු බදු කටයුතු සදහා Tax  File  No එකක් ආරම්භ කිරීම , රියදුරු බලපත්‍රය ලබාගැනීම, බැංකු ගිණුම් ආරම්භ කිරීම යන කටයුතු කටයුතු සදහාද උප්පැන්න සහතිකයක් නොමැති වීම බාධාවක් වී තිබේ.

එම අධ්‍යනයට දායකත්වය  ලබාදුන්, අබෝරිජිනල් සෞඛ්‍ය පිළිබද පර්යේශිකාවක් වන මහාචාර්ය Sandra  Eades පවසන්නේ, යමෙකුගේ උපත ලියාපදිංචි කිරීම මුලික මිනිස් අයිතිවාසිකමක් බවයි. මෙය දේශපාලනික කාරණයක් නොවන බවත්, අදාල ක්‍රමවේදයේ ඇති දුර්වල භාවය මෙයින් පෙන්නුම් කරන බවත් ඇය  වැඩිදුරටත් සදහන් කරයි. 20% ක් ආදිවාසි පවුල් වලට මෙම තත්වය බලපාන්නේ අදාල ක්‍රමවේදයේ ඇති යම් දුර්වලතාවයක් නිසා බව මහාචාර්ය Sandra  Eades වැඩිදුරටත් පවසයි. මෙලෙස උපත ලියාපදිංචි නොකිරීම, සාක්ෂරතාවය අඩුවීමට සහ සමාජ ආර්ථික ගැටළු ඇති වීමට බලපා  ඇති බවද ඇය  මෙහිදී පෙන්වා දෙන වැදගත් කාරණයක්.

දරුවෙකු උපත ලද විට අදාල උපත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සදහා රජය මුදලක් ය නොකලත්, උප්පැන්න සහතිකය නිකුත් කිරීමට ඩොලර් 48ක මුදලක් ය කරන බව සදහන්. මෙම තත්වය මැඩලීම සදහා, දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු සොයා බැලීමට හෙදියන් නිවෙස් වෙත යනවිට අදාල කරණය පිළිබද දැනුවත් කිරීම ආදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව මේ පිළිබද අදහස් දක්වන විද්වතුන් පෙන්වා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now