SKIP TO MAIN CONTENT

පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගැනීමට අකමැති බව දන්වමින් මැතිව්ස්ගෙන් ක්‍රිකට් ආයතනයට සැර ලිපියක්.

Angelo Mathews Letter
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද අන්ත පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගැනීමට තමන් අකමැති බවත් එය සාමූහිකව භාරගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින හා 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස් ලිපියක් මගින් පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා වෙත හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා (23/09)  ලිපියක්  මගින් මේ බව දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු සාමාජිකයන් පසුගිය සැප්තැම්බර් 21වැනිදා තමා හමුවී ශ්‍රී ලංකා එක්දින හා 20-20 නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු එහි සඳහන් කර තිබේ.

2018 ආසියානු කුසලාන තරගාවලියේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් වෙත පටවමින් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට පැවසු විට තමන් පුදුමයට පත්වූ බවද මැතිව්ස් එහිදී පවසා තිබේ.

එම පරාජයේ වගකීමෙන් යම් කොටසක් තමා බාර ගැනීමට කැමති නමුත් සම්පූර්ණයෙන්ම තමා වරදකරු කිරීම අනුමත කළ නොහැකි බවද ඔහු පවසා ඇත.

පුහුණුකරු හා තේරීම් කමිටුව සමග එක්ව අවබෝධයෙන් යුතුව තරගවලට මුහුණ දෙන බව සැවොම හොඳින් දන්නා කරුණක් නමුත් මෙහිදී පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම නායකයා මත පටවා තිබෙන බවත් එය අනුමත කළ නොහැකි බවත් මැතිව්ස් තම ලිපිය මගින් දැනුම්දී තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේදී කණ්ඩායම සම්බන්ධයෙන් ගත් සියලු තීරණ තේරීම් කමිටු සාමාජීකයින්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනු දැනුම ඇතිව ගත් ඒවා බවද  මැතිව්ස් එම ලිපියේ සදහන් කොට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එක්දින හා 20-20 තරගවලට මා නොසුදුස්සෙකු බව තීරණය කරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට කිසිවිටක පසුබට නොවන බවටද ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින හා 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා වෙත යොමු කළ ලිපිය පහත පරිදි වේ.

Angelo Mathews Letter
Source: Daily Mirror
Angelo Mathews Letter
Source: Daily Mirror

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now