සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව අද කොළඹදී ඇරඹෙයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10%ක් මිලියන 1.9ක් විදේශයන්හි සේවය කරන අතර ඔවුන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8%ක් ශ්‍රී ලංකාවට ගෙන එයි.

migrant health

migrant health

සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව අද (21) සිට 23 දක්වා කොළඹ, ගලධාරී හෝටලයේ දී පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මග්‍රට් චෑන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එමෙන්ම සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතගේ සහභාගීත්වයෙන් සමුළුව  පැවැත්වෙයි.

ලෝකය පුරා සංක්‍රමණ විශාල වශයෙන් සිදුවන අතර සංක්‍රමණිකයන්ට බලපාන සෞඛ්‍ය ගැටළු පිළිබඳව ජාත්‍යන්තරව අවධානය යොමු කිරීම මෙහිදී සිදුවෙයි. ඒ අනුව ඔවුන්ට බලපාන සෞඛ්ය ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සෞඛ්‍ය ගැටළු සඳහා මදිහත්වීමට ක්‍රමවේද සැකසීම මෙම සමුළුවේ අරමුණ වී තිබේ. සමුළුව අවසානයේදී ගන්නා ක්‍රමවේද සහ ජාත්‍යන්තරව එකඟවිය හැකි ක්‍රමවේද, ප්‍රතිපත්ති ඇතුළත් කොළබ ප්‍රකාශය එළිදැක්වීම සිදු කිරීමට ද නියමිතය. සමුළුව සඳහා රටවල් රැසකින් විශේෂ නියෝජිතයන් 50ක් පමණ සහභාගීවීමට නියමිතය.

ලෝකයේ වසරකරකට බිලියනයක ජනතාවක් විවිධ අරමුණු උදෙසා සංක්‍රමණය වන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10%ක් මිලියන 1.9ක් විදේශයන්හි සේවය කරන අතර ඔවුන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8%ක් ශ්‍රී ලංකාවට ගෙන එයි. මිලියන 1.8ක සංචාරක ප්‍රමාණයක් වසර 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ තුන්වැනියට ආදායම උපයන මාර්ගය වී තිබේ.


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now