SKIP TO MAIN CONTENT

මීළඟ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා T20 තරඟයට ප්‍රබල ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු සහභාගී නොවන ලකුණු

Australia v Sri Lanka - Men's T20 Game 1
Source: Mark Metcalfe/Getty Images

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ශ්‍රී ලංකාවට එරෙහිව හෙට දිනයේදී (30/10) පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට  ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නකු වන මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව වාර්තා වෙයි.

මීට හේතුවී ඇත්තේ මිචෙල් සිය සොහොයුරාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් නිවාඩු ඉල්ලා තිබීමයි.

ඒ අනුව ඔහුගේ ස්ථානය දැනට සංචිතයේ රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා බිලී ස්ටැන්ලේක්ට සහ ෂෝන් ඇබට්ට විවෘත වනු ඇත.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු විස්සයි විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වූයේය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now