SKIP TO MAIN CONTENT

ලංකාවේ නීතිය හා සාමය මද්දුම බණ්ඩාරට දුන්නාට ෆොන්සේකා විරසක වෙයි.

SF against the new appointment of SL Law & Order.
Source: SL President Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති නීතිය හා සාමය විෂයය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලබා දී තිබේ.

ඒ අනුව නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (08/03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සාගල රත්නායක මහතා විසින් මීට පෙර දැරූ නීතිය හා සාමය අමාත්‍යධුරය පසුගිය මස 26 වනදා සිදුවූ කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරිණී.

නීතිය හා සාමය විෂයය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හට ලබා දීමට යාමේ සූදානමක් පිළිබඳව මීට පෙර වාර්තා වූ අතර එය බාර ගැනීම සඳහා ෆොන්සේකා මහතා කැමැත්තෙන් සිටි බවද පසුගිය කාලයේ දී වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now