SKIP TO MAIN CONTENT

2018 ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට.

Asian netball championship 2018
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සිංගප්පූරුවේදී පැවති 2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට  ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09/09) සමත් විය.

ඊයේ නිමාවට පත්වූ 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයෙන් සත්කාරක සිංගප්පූරුව  ලකුණු 69-50 ක් ලෙසින් පරදා වසර 9 කට පසුව ආසියානු කුසලානය නැවත දිනාගත්හ.

චතුරංගනී ජයසූරියගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙවර තරගාවලියේ මුහුණදුන් සියලුම තරග ජය ගනිමින් අපරාජිතව කුසලාන දිනාගැනීමට සමත් වීම සුවිශේෂී සිදුවීමකි.

1985 වසරේදී ආරම්භ වූ ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේදී  ශ්‍රී ලංකාව මේ වන විට හය වරක්ම ශූරතාව දිනාගැනීමට සමත්ව තිබෙන අතර අවසන් වරට 2009 වසරේ  ශූරතාව දිනා සිටියේය.

එම 2009 තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මෙනවිය ඊයේ ශ්‍රී ලංකාව ජයගත් තරගාවලියේදීත් කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළාය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට ද සමත් විය.  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now