SKIP TO MAIN CONTENT

මහනුවර ඇසළ පෙරහරේ ගමන් කරන දැවැන්තයින් ගේ ලෙඩ දුක් සොයන ඇත් සායනය.

Elephant Medical Clinic conducted in regards to Kandy Esala Perahera
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

වනගත අලි ඇතුන්ට වඩා හීලෑ අලි ඇතුන් ගේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පවසයි.

වනගත අලි ඇතුන් ගේ ආයු අපේක්ෂාව අවුරුදු හැට පහත් හැත්තෑවත් අතර තත්ත්වයක පවතින නමුත් මිනිසුන්ගේ පාලනය යටතේ සාමාන්‍යයෙන් ජීවත්වන හීලෑ අලි ඇතුන් වයස අවුරුදු අසුව - අසූ පහ අතර කාලයක් ජීවත් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගි වන අලි ඇතුන් සඳහා පවත්වන ඇත් සායනය සඳහා සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගිවන අලි ඇතුන් එම පෙරහරට පෙර පරික්ෂා කරන අතර අවසන් රන්දෝලි පෙරහරට ප්‍රථමයෙන් ද අලි ඇතුන් පරීක්ෂාකොට ඔවුන්ගේ නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

අවසන් රන්දෝලි පෙරහර ඊයේ (14/08) රාත්‍රී වීදි සංචාරය කළේය.

වනගත අලි ඇතුන්ට ආහාර සොයා ගැනීම අභියෝගයක් වන නමුත් හීලෑ අලි ඇතුන්ට ඉතාමත්ම පහසුවෙන් ආහාර සැපයෙන බව කී ඒ මහතා මෙසේද කීවේය.

"හීලෑ අලි ඇතුන්ගේ හිමියන් දේශීය ඖෂධ මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම උපයෝගී කරගනිමින් අලි ඇතුන් නඩත්තු කරන නිසා සත්වයන් රෝගාබාධ වලට ලක්වන අවස්ථාවන් ඉතාමත්ම අල්පයි. ඇසළ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී කරවාගන්නේ නිරෝගී අලි ඇතුන් පමණයි. ශ්‍රි දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් පවා මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙනවා. පෙරහැර සඳහා සහභාගිවීමට පැමිණි අලි ඇතුන් කිහිප දෙනෙකු පෙරහැරෙන් ඉවත් කිරීමට අපට සිදුවුණා."

මෙම සියලු කාර්යභාරයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ මෙහෙයවීම පරිදි සිදුවන බවද විජේකෝන් මහතා එහිදී ප්‍රකාශ කළේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now