SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ පාර්ලිමේන්තු පරිඝනක පද්දතියට හැකර් වරුන් රිංගලා

federal parliamentary computer networks were hit by a sophisticated cyber attack
federal parliamentary computer networks were hit by a sophisticated cyber attack

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News, SBS Sinhala program


Skip to article content

මෙරට මධ්‍යම රජයේ පාර්ලිමේන්තු පරිඝනක පද්දතිය සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. පසුගිය 8 වනදා පාර්ලිමේන්තු පරිඝනක පද්දතිය බිඳවැටීම පිළිබඳව සිදුකරන ලද විමර්ශනයේදී මෙය හෙළිව ඇතැයිද මෙම සයිබර් ප්‍රහාරය State actor ලෙසින් නම්කොට ඇතිබවද අගමැතිවරයා පවසයි. මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ලිබරල්, කම්කරු, national යන පක්ෂ වල අන්තර්ජාල දත්ත වලට බලපෑම් එල්ලව ඇතැයිද සඳහන්. මෙය චීනය විසින් සිදුකරන ලද්දක් බවට මත පලව ඇතත් ඒ පිළිබඳව නිශ්චිතව සනාථ කල හැකි සාක්ෂි මෙතෙක් හමුව නැතැයි ද අගමැති ස්කොට් මොරිසන් පවසයි.

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වා සිටින රජයේ ජාතික සයිබර් ආරක්ෂණ උපදේශක අලෙස්ටේයාර් මැක් ගිබ්සන් පවසා සිටියේ මෙය කවුරුන් විසින් සිදුකරන ලද්දක්ද යන්න පිළිබඳව තවන නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකි නමුත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම ඕස්ට්‍රේලියානු හමුදා අංශ අන්තර්ජාල පද්දතිය භාර අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් Marcus Thompson සෙනෙට් කමිටු ඇස්තමේන්තු හමුවේ ප්‍රකාශකොට සිටියේ හමුදා අංශ වෙත සයිබර් ප්‍රහාර එල්ලවීමේ වැඩි අවදානමක් ඇති බවයි. එය වැලැක්වීම සඳහා හැකි උපරිම මට්ටමින් ක්‍රියාකරන බවද ඔහු සෙනෙට් ඇස්තමේන්තු විමසීම් හමුවේ ප්‍රකාශකොට සිටියේය.

මේ පිලිබඳ අදහස් පලකොට සිටි චීන විදේශ අමාත්‍ය ප්‍රකාශක Geng Shuang පවසා සිටියේ මාධ්‍ය උපකල්පන මත මේ සම්මන්දයෙන් චීනය වෙත චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බවයි. state actor සයිබර් ප්‍රහාරය සම්බන්දයෙන් චීනයට එල්ලවන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කොට සිටී

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now